75 වන නිදහස් දිනයට යුද හමුදාවෙන් දමිළ බසින් දේශානුරාගී ගීයක්...

 

හැත්තෑ පස්වැනි නිදහස් දිනය වෙනුවෙන් පසුගිය හතරවැනි දා යුද හමුදාව විසින් ප්‍රථම වතාවට දමිළ බසින් දේශනුරාගී ගීතයක් එළිදක්වා ඇත. 


පුරවැසියකු ලෙස තමන්ගේ දේශය කෙරෙහි හදවතින්ම උපදින ආලයක් තිබීම සහ, තම දේශය මව ලෙසත් අන්‍ය ජාතීන් සහෝදරත්වයෙන් සැලකීමත් සිංහල කලා නිර්මාණ තුළින් දැකගන්න ලැබුණත් දමිළ බසින් විඳගැනීමට අඩු නිසා මෙම ගීතය දමිළ බසින් නිර්මාණය කර ඇත. එම හැඟීම ඉස්මතුවන සේ දමිළ බසින් ලක්මෑණියගේ සුන්දරත්වය සහ ජාතික සමගිය ගැන කියවෙන සේ මෙම දේශානුරාගී ගීතය නිර්මාණය කර ඇත.  
මෙම ගීතයේ පද රචනය යුද හමුදාවේ සේවයේ නියුතු භාෂා පරිවර්ථක ලක්මිණී රාධිකා විසින්ද, ගායනය ප්‍රවීණ ගායක සූර්යා දයාරුවන් විසින් සහ, සංගීතය හා තනු නිර්මාණය ප්‍රවීණ සංගීතඥ තිළිණ රුහුණගේ විසින්ද සිදුකර ඇත.


වණක්කම් තායගම්
වන්දනම් තායි නාඩේ
ඉලමෙයි එන්දිලෙයි
ඊළමේ එම් නාඩේ
ඉඩර්ගල් වරිනුම් අංජෝම්
ඒලෙයරායි මන්නිල් තුංජෝම්
තන්නලං කාක්ක ඉළිතොළිල් පුරියෝමේ
තායිත්තිරු නාඩෙනිල් උයිරෙයුම් තන්දිඩුවෝම්

මුත්තුම් පවලමුම් තේන් කනියුම්
පනෙයුම් තෙංගුම් මලර් නල්ගුම්
එන්ඩෘම් උයර් ඊළ නාඩෙංගල්
නාඩේ නාට්ටිට්කු ඉලෙයි ඊඩේ
ඊරෙයි කෝඩී මුහමුඩෙයාලේ
සීර්මොළී ඊරුඩෙයාල්
ඊලමේ නින්නෙයි වනංගුවෝම්

සන්ඩෙගල් සෙයිදෝම් කලගම් සෙයිදෝම්
පල්ලිනත්තිල් ඔරුමෙයි කානාදදාල්
නාමෙල්ලාම් ඕර් තායි මගවෙන්නුම්
උන්මෙයෙයි නිලෙයායි ආරියාදදාල්  

නයනා උදයංගනී


 

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Previous

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට 75යි Read Next

කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට 75යි

Realted Post

Leave a comment