75 වන නිදහස් සැමරුම වෙනුවෙන් නිකුත් කල මුද්දරය සහ කාසිය ජනපති අතට...

 

හැත්තෑ පස්වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද සමරු කාසිය සහ සමරු මුද්දරය 02 දා (ඊයේ) මහනුවර ජනපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම සිදුවිය. 


ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සමරු මුද්දරය ජනපතිට පිළිගැන්වූ අතර සමරු කාසිය පිළිගන්වනු ලැබුවේ මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසිනි. එමෙන්ම මෙහිදී නිකුත් කරනු ලැබූ රුපියල් පනහක වටිනාකමකින් යුතු සමරු මුද්දරය සහ මුල්දින කවරය සාම්ප්‍රධායිකව තැපැල් දෙපාර්තමේන්තුව අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුව සකස්කර ඇති අතර එය 02 දා (ඊයේ) සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාලයන්හි සහ උප තැපැල් කාර්යාලවල අලෙවි කිරීම සිදුවෙනු ඇත.


ඊට අමතරව මෙම සමරු මුද්දරය ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මඟින් ත්‍රීකුණාමලය, ගාල්ල, මහනුවර, කුරුණෑගල, සහ මීගමුව යන ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ මුද්දර කවු`ඵ මගින්ද ලබාගැනීමේ හැකියාව ඇතිබව ද වාර්ථා වේ.

නයනා උදයංනී


 

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Next

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

Realted Post

Leave a comment