Nice Time එකක අයින්ස්ටයින්ගේ බුද්ධිය පැරදූ ලාංකීය දියණිය

 

ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හොකින්ස් කියන්නේ මෙතෙක් ලෝකයේ බිහිවුණු දැනුමින් විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙක්. මේ කියන්න යන්නේ විශ්වාස කරන්න අමාරු වුනත්, විශ්වාස කරන්නම වෙන කතාවක් ගැන. මේ විද්‍යාඥයින් දෙදෙනාගෙම දැනුම පරාජය කරමින් ශ්‍රී ලාංකීය සම්භවයක් තිබෙන 10 හැවිරිදි පාසල් දියණියක් පළමු තැන අරන් කියලා විශ්වාස කරන්න පුළුවන්ද? 


ඒ පුවත ගැන වාර්තා වෙන්නේ එක්සත් රාජධානියෙන්. 


නමින් අරියානා හීමාල් ධර්මසේන නම් දියණිය තමයි මේ විස්මිත දක්ෂතාවට හිමිකම් කියන්නේ. ඒ වගේම අරියානාගේ මේ දස්කම් ගැන බි්‍රතාන්‍ය මාධ්‍ය තොරතුරු රැසක් අනාවරණය කරලත් තිබෙනවා. එක්සත් රාජධානියෙන් වාර්තාවෙන විදියට නම් අයින්ස්ටයින්ගේ සහ ස්ටීවන් හොකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය මෙම දැරිය වෙනුවෙන් ලබා දී ඇති සහතික පත්‍රයේ දැක්වෙන විදියට Mensa බුද්ධි පරීක්ෂණයෙන් ඇය ලකුණු 162 ක් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම එය genius මට්ටමක් ලෙසද හඳුන්වා තිබෙනවා. ඉතින් මේ විශ්ෂ්ට දක්ෂතාව වෙනුවෙන් ඇයට මෙන්සා උසස් බුද්ධි සමාජයේ සමාජිකත්වයද පිරිනමා තිබෙනවා. බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරන විදියට එයට හේතුව මේ වන විට අයින්ස්ටයින්ගේ සහ ස්ටීවන් හොකින්ස්ගේ බුද්ධි මට්ටම් 160 විදියට ඇස්තමේන්තු ගතකර තිබෙන අතර ඇය ඔවුන් ඉක්මවා තිබීමයි. ඇයගේ අනාගත බලාපොරොත්තුව විද්‍යාඥවරියක් වෙන්නයි. කොහොම වුනත් ඇය අපේ රටටත් විශාල ආඩම්බරයක ගෙනැත් දී තිබෙනවා. 

 


නයනා උදයංගනී 


 

මාතලේ සංචාරක ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනයට වැඩක් Read Previous

මාතලේ සංචාරක ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනයට වැඩක්

සා:පෙළ විෂයයන් 7කට බස්සයි Read Next

සා:පෙළ විෂයයන් 7කට බස්සයි

Realted Post

Leave a comment