අධ්‍යාපනය කඩාකප්පල් කරන්න ඉරාන පාසල් සිසුවියන්ට වස දීලා...?

 

පාසල් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර දමා පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීමේ කුමන්ත්‍රණයක් අරමුණු කරගනිමින් එරට බාලිකාවන්ගේ ආහාරවලට විෂ කලවම් කර ආහාරයට දී ඇති බව ඉරාන රජය වාර්තා කරයි. මෙම සිදුවීම ආරම්භ වී ඇත්තේ දකුණු ඉරාණයේ “කොආම්” Qom නමින් හඳුන්වන ශූද්ධ නගරයකය. 


මේ හේතුව නිසා මෙම නගරයේ විස ශරීරගත වූ පාසල් සිසුවියන් බොහෝ පිරිසක් ස්වසන ආබාධවලට ලක්ව සිටින අතර, සිසුවියන් සියයට අධික සංඛ්‍යාවක් රෝගී වී සිටින බවත් ඔවුන්ගෙන් තවත් පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් සඳහන් වෙයි. ඔවුන් මෙලෙස අසනීපවීමට පටන්ගෙන ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ සිට බවද වාර්තා වේ. 


ඉරාන රජය පවසන්නේ මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ ආගමික අන්තවාදීන් කණ්ඩායමක් බවයි. ඒ අනුව මෙය ඉතා බරපතළ තත්ත්වයක් බව ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති මාධ්‍ය හමුවේ පවසා ඇත.

නයනා උදයංගනී  


 

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී Read Previous

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Next

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

Realted Post

Leave a comment