අන්තර්ජාලය කළඹන තුර්කි සුනකයාගේ සැඟවුණු කතාව


මු`ඵ ලෝකයම කම්පනයට පත් කරමින් පසුගියදා තුර්කියේ සිදුවූ භූමි කම්පාවේ ඉතා සංවේගයට පත් දසුන් බොහෝමයක් විවිධ මාධ්‍යන් ඔස්සේ දැකගන්නට ලැබුණි. 


සුන්බුන් අතර සිරවී මියගිය සහ තුවාල ලැබූවන්, මෙන්ම සිදුවූ දේපල හානි සමඟ බලන විට මෑතකදී සිදුවූ දරුණුතම ස්වාභාවික විපතක් ලෙස මෙම භූමිකම්පාව හැඳින්විය හැකිය. මේ අතර පුංචි දරුවන්, වැඩිහිටියන් වගේම සුරතලේට ඇතිකල සතුන් ගැන පවා ඉතා සංවේදී සටහන් මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා දැකගන්නට ලැබුණි. මේ පුවත ලියවෙන්නේ ද එලෙස හුවමාරුවන එක් ඡායාරෑපයක් ගැනයි.


මිනිසුන්ට වගේම සතුන්ටද ජීවිත් වීමේ අයිතිය ඇත. ඒ නිසාම තුර්කියේ මේ මහා ව්‍යසනය අතරතුර විපතට පත් මිනිසුන් වගේම සතුන්ගේ ජීවිත ද සුරක්ෂිත කරගැනීමට දරන වෑයම අපට දැකගන්න ලැබුණි. 

 


සුන්බුන් අතර සිරවූ තම ස්වාමියාගේ පිටතට පැමිණ තිබෙන අතක් සමීපයේ සිටිමින් ඔහුව මුදාගැනීමට උත්සහ කරන සුනකයකුගේ ඡායාරූපයක් මේ දිනවල බොහෝ පිරිසකගේ අවධානය දිනාගමින් සමාජ මාධ්‍ය තුල හුවමාරුවනවා ඔබට මතක ඇති. මෙය හුවමාරු වන්නේ තුර්කි භූමිකම්පාවේදී දක්නට ලැබුණු ඡායාරූපයක් ලෙසයි. එම පුවත මේ මොහොතේදීත් සමාජ මාධ්‍ය තුල පුවත් මවමින් සිටී.


නමුත් විදේස් මාධ්‍ය ඒ පිළිබඳ සත්‍ය තොරතුරු වාර්තා කරයි. ඔවුන් වාර්තාකරන තොරතුරු වලට අනුව මෙම ඡායාරූපයේ සිටින්නේ 2018 වසරේ භූමිකම්පාවකට ගොදුරු වී සිටින පිරිස් සොයමින් සිටින ආරක්ෂක සුනඛයකු බවයි. ඒ අනුව මෙම ඡායාරූපය චෙච් ජාතික ඡායාරූප ශිල්පියකු වූ Jaroslav Noska විසින් 2018 වසරේ ගනුලැබූ ඡායාරූපයක් බව ඇසෝසියේට් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

නයනා උදයංගනී 


  

හරිත ලෝකයක කඳවුරු බඳින්න -  ONE TREE HILL Read Previous

හරිත ලෝකයක කඳවුරු බඳින්න - ONE TREE HILL

හරිත ලෝකයක කඳවුරු බඳින්න -  ONE TREE HILL Read Next

හරිත ලෝකයක කඳවුරු බඳින්න - ONE TREE HILL

Realted Post

Leave a comment