අපූරු වීඩියෝ පට වලින් සමාජ මාධ්‍ය කළඹන Nikki...

කාලයෙන් කාලයට විවිධ දෑ හරහා සමාජ මාධ්‍ය මගින් ජනප්‍රියත්වයට පත් වූ විවිධ සතුන් සිටිනවා. මේ ඒ විධියට ජනප්‍රිය වුණු අපූරු බලු සුරතලෙක්. 

මෙම දිනවල අමුතුම උන්මාදයකින් සමාජ මාධ්‍ය ලෝලීන් අතර ජනප්‍රිය වූ කුඩා සුනඛයකු ලෙස Nikki හඳුන්වන්නට පුළුවන්.

මෙම සුනඛයා වඩාත් ජනප්‍රියත්වයට ලක්වන්නේ ඔහුගේ හිමිකරු වන Eviatar Ozeri විසින් සමාජ මාධ්‍ය හරහා බෙදා ගන්නා  වීඩියෝ පටත් සමඟ. 

2023 වර්ෂයේ සැප්තැම්බරයේ දී ඔහු විසින් කුඩා සුරතල් සුනඛයා  චිහුවාහුවා වන Nikki ඔහුගේම මුහුන සපා කන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා බෙදා ඇති අතර එය මිලියනය 2කට  අධික වාර ගණනක් නරඹා තිබෙනවා. 

එතැන් සිට Nikiගේ විනෝදජනක අන්තර්ගතයන් සහිත වීඩියෝපට ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජමාධ්‍ය ඔස්සේ බොහෝ ලෙස ජනප්‍රිය වන්නට වුනා. 

මේ එම වීඩියෝ පට සදහා බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් විවිධ අදහස් මේ වන විට පල කර තිබෙනවා.

සටහන - කසුනි

ඩොලරය යළි නගී Read Previous

ඩොලරය යළි නගී

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Next

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

Realted Post

Leave a comment