ඕමානයේදී මුදලට අලෙවිවන ලාංකීය කතුන්ගේ ජාවාරම ගැන තවත් තොරතුරු හෙළිවේ ?

 

රට රැකියා සඳහා අපේ රටේ බෝහෝ කාන්තාවන් විදේශගත වෙනවා. ඒ අතරින් ගෘහ සේවය සඳහා පිටත්වෙන වැඩි පිරිසක් සිටිනවා. කොහොම නමුත් රට රැකියාවලට එලෙස තමන්ගේ දරු පවුල් තනිකර දමා එතෙරට යන්නේ ජීවත්වීමට ඇති අසීරුබව නිසා කියන කාරණයනම් රහසක් නොවේ. එසේ විදෙස්ගත වන කාන්තාවන්ට නිසි ආරක්ෂාවක් තියනවාද යන්න දැන් විශාල ගැට`ඵවක් බවට පත්වී තිබෙනවා.


මෙලෙස විදේශගතවන කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ගැන මේ දිනවල වැඩි කතාබහක් තිබෙනවා. එහි තවත් සැකකරුවන් දෙදෙනකු නොවැම්බර් 22 දින අත්අඩංගුවට ගෙන ඇති බව පොළිස් මාධය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශකර තිබෙනවා. ඒ ලාංකීය කතුන් ඕමානයේදී මුදලට අලෙවිකල ජාවාරමක් ගැන. මෙම සැකකරුවන් දෙදෙනා බදුල්ල සහ  කුරුණැගල යන ප්‍රදේශවල පදිංචි කරුවන්වන් වන අතර, ඔවුන් විදේශ රැකියා තරැව්කරැවන් ලෙසද කටයුතුකර ඇති බවද සඳහන්වෙනවා. 


ඕමාන් රාජ්‍යයේදී අපේ රටේ කාන්තාවන්ව මෙලෙස මුදලට විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ නිසා එරට කොටුවී සිටින අපේ කතුන් 22ක් නැවත දිවයිනට ගෙන්වා ගැනීමටද නියමිත බවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.

 


එමෙන්ම ඕමාන් සහ ඩුබායි රාජ්‍යයන්හී රැකියාවන් වලට ලාංකිකයන් යැවීමේදී ඒ පිළිබඳ අලුත් ක්‍රියාමාර්ග ගැනීමට මෙරට විදේශසේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙරටින් එතෙරට ගිහින් අනේක හිංසනවලට ලක්වෙන ලාංකිකයන්ගේ ආරක්ෂාව මීට වඩා තහවුරුකල යුතුයි.

 


නයනා උදයංගනී


   
 

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා Read Previous

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Next

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

Realted Post

Leave a comment