ගුරුවරුන්ගේ ඇඳුම් කතා ඉවරයි. නව චක්‍රලේකයක් නිකුත් වේ...

ගුරුවරුන්ගේ සාරිය ගැන විවිධ කතා බස් පසුගිය සති කිහිපය පුරාවටම අසන්න ලැබුණා. ඒ ගැන ගුරුවරුන් වගේම සමාජය තුලිනුත් විවිධ අදහස්, විවේචන පැන නැඟුනා. කෙසේ නමුත් වසර දෙකකටත් වැඩිය හරි හැටි අධ්‍යාපනයක් නොලබන, දරුවන්ට මෙය තවත් අපහසුතාවයට පත්වන විදියේ ගැට`ඵවක් මිස එයින් ඔවුන්ට මේ මොහොතේ ඇති යහපතක් නැත. එක් අතකින් රටක් ලෙස මේ පත්ව ඇති දුෂ්කර කාල සීමාවේ ආර්ථිකය අතින්, පෝෂණය අතින් හොඳටම හෙම්බත්වී සිටින වෙලාවක මේ මොහොතේ රටේ වෙන කතාකලයුතු වැදගත් ප්‍රශ්න නැතුවද යන්න සිතීමද සාධාරණය.


කොහොම වුනත් ගුරුවරුන්ගේ මෙම සාරි කතාවට අවසානයක් එකතුකරමින් රජයේ මෙම සේවක ඇඳුම් ප්‍රශ්නය අවසන් කිරීමට නව චක්‍රලේකයක් නිකුත්කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඇති චක්‍රලේක දෙකක් වෙනස් කරමින් රජයේ ඇඳුම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා විසින් මෙම නවන චක්‍රලේකය නිකතුකර තිබේ.


මේ වන තෙක් පහසු ඇඳුමකින් සේවයට පැමිණිමට ලබා දී තිබූ අවසරය මාණ්ඩලික නිලධාරීන්, නිලධාරිනියන්ට හැර අනෙක් නිලධාරීන්ට ඉවත්කර ඇත.


ඒ අනුව රජයේ සේවකයන් ඉදිරියේදී තම රාජකාරී කටයුතු සඳහා පැමිණීමේදී කලිසම, කමිසය හෝ ජාතික ඇඳුම සහ නිලධාරිනියන්ට සාරියෙන් හෝ ඔසරියෙන් සැරසී තම රාජකාරී කටයුතු සඳහා පැමිණිය යුතු බව නව චක්‍රදේකයෙන් දක්වා ඇත.   

නයනා උදයංගනී


 

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’ Read Previous

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Next

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

Realted Post

Leave a comment