තාත්තගේ ගිනි අවියෙන් පුතා ජීවිත නවයකට සමුදෙයි...

 

 

​නයනා උදයංගනී
හිත කම්පා කරවන මේ දුක්බර පුවත අසන්නට ලැබෙන්නේ සර්බියාවෙන්. මේ පුවත සමඟ හැඟෙන්නේ දෙමාපියන් තම දරුවන් ගැන මොනතරම් විමසිල්ලෙන් පසුවිය යුතුද යන්නයි. ඒ අනුව සර්බියාවේ බෙල්ගේ‍්‍රඞ්හී පාසැලක ඉගෙනුම ලබන සිසුවෙකු විසින් තම පියාගේ පිස්තෝලය පාසලට රැගෙනවිත් කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් නව දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර හත් දෙනකු තුවාල ලබා ඇති පුවතක් සර්බියා පොලිසිය ප‍්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව මෙම සැකකාර දරුවා මුලින්ම වෙඩිතබා ඇත්තේ තමන්ගේ පන්තිභාර ගුරුතුමියට වන අතර ඉන්පසු අහඹු ලෙස පාසැලේ ඉගෙනුම ලබන අනෙක් සිසුන්ට වෙඩිතබා ඇති බවයි සඳහන් වන්නේ. වෙඩි තැබීමෙන් මියගොස් ඇති නව දෙනාගෙන් අට දෙනකුම එම පාසැලේ ඉගෙනුම තබන සිසුන් බවත් නව වැනියා එම පාසැලේම ආරක්ෂකයකු බවද වාර්තා වේ.

මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් පාසැල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන සිදුකරමින් ඇති බව පොලිසිය පවසයි.

ද යූත්ක්වේක් Read Previous

ද යූත්ක්වේක්

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment