දිය යට දිගම හාදුව ගීනස් වාර්තා පොතට...

 

දිය යට දී දුන් දිගම හාදුවේ පුවත වාර්තා වන්නේ මාලදිවයින් ප්‍රදේශයෙන්. ඒ පසුගියදා තිබූ ආදරවන්තයින්ගේ දිනය මූලික කරගෙන දකුණු අප්‍රිකානු කාන්තාවක සහ කැනේඩියානූ ජාතික පුරුෂයකු විසින් දිය යටදී තම දෙතොල් වසා විනාඩි 4යි තප්පර 6ක කාලයක් දිය යට දී හුවමාරු කරගත් හාදුවයි. කෙසේ නමුත් ඔවුන් මේ කාලය තුළ දිය යට දී ලබාදුන් මේ හාදුව දිගම හාදුව ලෙස ගිනස් වාර්ථා පොතටද ඇතුළත් වී ඇති බවයි වාර්ථා වන්නේ.

 


මෙලෙස දිය යට දිගම හාදුව සඳහා ගිනස් ලෝක වාර්තාව තබා ඇත්තේ 33 හැවිරිදි මයිල්ස් ක්ලෝටියර් පෙම්වතා සහ 40 හැවිරිදි බෙත් නීල් නම් ඇගේ පෙම්වතියයි. ඔවුන් මෙම සිපගැනීම සිදුකර ඇත්තේ  'LUX' South Air Atoll නැමති මාලදිවයින් නිවාඩු නිකේතනයකදීය. ඔවුන් මෙම වාර්තාව තැබීමට සමත්ව ඇත්තේ දින තුනක පුහුණුවීමකින් අනතුරුව වන අතර මීට පෙර දිය යට දිගම හාදුව ලෙස මෙම වාර්තාව තබා ඇත්තේ 2010 වසරේදී මිචෙල් ෆුකරිනේා සහ එලිසා ලසායිනා යුවලයි. ඒ මිනිත්තු 3 යි තප්පර 24ක කාලයක් තුලයි. කෙසේ නමුත් මිචෙල් ෆුකරිනේා සහ එලිසා ලසායිනා යුවල තැබූ එම ගිනස් වාර්තාව දැන් බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ. 

නයනා උදයංගනී

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment