නව වෛරසය ලංකාව ආක්‍රමණය කරයිද?

ඔමික්‍රෝන් උප ප්‍රබේදයට අයත් ජේ.එන්. 1 වෛරස ව්‍යාප්තිය ගෝලීය වශයෙන් වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන  බව ලෝක සෞක්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. ඒ අනුව එය දැඩි ලෙස මිනිසාගේ අවධානය යොමු කළ යුතු ප්‍රබේදයක් බවට පත් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ මේ වන විට ජේ.එන්. 1 උප ප්‍රබේදය ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍ය සිංගප්පූරුව සහ අමෙරිකාව යන රටවල ව්‍යාප්ත වී ඇති බවයි. කෙසේ වෙතත් එහි අවධානය අඩු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙනවා දෙනවා. කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය අංශ පෙනවා දෙන්නේ,  මෙම ප්‍රබේදය මෙරටට ඇතුළු වි ඇති බවයි. ඔමික්‍රෝන් ප්‍රබේදයට අයත් ජේ.එන්. 1 නව වෛරස් ප්‍රභේදයේ ලක්ෂණ ලෙස කැස්ස, සුවඳ සහ රසය නැතිවීම, නොනැවතී පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකිවීම සහ වමනය ඇති වීම හඳුන්වා දිය හැකියි.

සටහන - කසුනි විජේසිංහ

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Previous

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment