ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණී පීරිස්ගේ පුංචි සුරගනාවිය දිවියෙන් සමුගනී...

අපේ රටේ බොහෝ කලා කරුවන් දැන හදුනන සහ රටේ වැඩි පිරිසකගේ ආදරය දිනාගත් ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීණී තිරාණී පිරිස් මහත්මියගේ දියණිය නෙතාෂා පීරිස් විදෙස්ගතව සිටියදී හදිසියේ අභාවප‍්‍රාප්ත වී ඇත. නීතිඥ ගීතාල් පීරිස් මහතාගේ සහ තිරාණී පීරිස් මහත්මියගේ එකම දියණිය වූ ඇයට සිටින්නේ තවත් වැඩිමල් සොහොයුරෙකු පමණි.

නෙතාෂා මියගොස් ඇත්තේ මැලේසියාවේදී වන අතර උසස් පෙළින් පසු ඇය මෙලෙස විදෙස්ගතව ඇත්තේ මැලේසියාවේ මොනෑෂ් සරසවියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහායි. ඇය එම රටේ තමන් පදිංචි වී සිටින නිවසේදී හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇතිබව සඳහන් වේ. නෙතාෂාගේ වියෝව වෙනුවෙන් කලාකරුවන් මෙන්ම බොහෝ පිරිසක් සමාජ මාධ්‍යය ඔස්සේ තමන්ගේ ශෝකය ප‍්‍රකාශ කර තිබීමද දැකගත හැකිය.

නයනා උදයංගනී

 

Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka Read Previous

Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025 Read Next

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025

Realted Post

Leave a comment