ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණී පීරිස්ගේ පුංචි සුරගනාවිය දිවියෙන් සමුගනී...

අපේ රටේ බොහෝ කලා කරුවන් දැන හදුනන සහ රටේ වැඩි පිරිසකගේ ආදරය දිනාගත් ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීණී තිරාණී පිරිස් මහත්මියගේ දියණිය නෙතාෂා පීරිස් විදෙස්ගතව සිටියදී හදිසියේ අභාවප‍්‍රාප්ත වී ඇත. නීතිඥ ගීතාල් පීරිස් මහතාගේ සහ තිරාණී පීරිස් මහත්මියගේ එකම දියණිය වූ ඇයට සිටින්නේ තවත් වැඩිමල් සොහොයුරෙකු පමණි.

නෙතාෂා මියගොස් ඇත්තේ මැලේසියාවේදී වන අතර උසස් පෙළින් පසු ඇය මෙලෙස විදෙස්ගතව ඇත්තේ මැලේසියාවේ මොනෑෂ් සරසවියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහායි. ඇය එම රටේ තමන් පදිංචි වී සිටින නිවසේදී හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇතිබව සඳහන් වේ. නෙතාෂාගේ වියෝව වෙනුවෙන් කලාකරුවන් මෙන්ම බොහෝ පිරිසක් සමාජ මාධ්‍යය ඔස්සේ තමන්ගේ ශෝකය ප‍්‍රකාශ කර තිබීමද දැකගත හැකිය.

නයනා උදයංගනී

 

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment