රටම කතාකරන රිලා නැටුම...

 

අපේ රටේ ජීවත්වන රිළවුන් ලක්ෂයක් පමණ චීනයට රැගෙන යාමේ කතාවක් පසුගිය දින පුරාම ආන්දෝලනාත්මක ලෙස විවිධ කතාබහට ලක්වුණා. එය සත්ව හිංසාවක් බවට ප්‍රකාශ කරමින් බොහෝ පිරිසක් ඊට විරුද්ධත්වය ද ප්‍රකාශ කළා. ඒ අතර මේ සතුන් විදෙස් ගත කරන්නේ ආහාරයට සහ විවිධ පර්යේෂණ සිදුකිරීමට බවටත් කතා අසන්නට ලැබුණා.

කෙසේ නමුත් මේ කතාව සත්‍යක් නොවන බවයි දැන් පැවසෙන්නේ.
ඒ අනුව ⁣ලංකාවේ රිළවුන් ලක්ෂයක් තම රටේ සත්වෝද්‍යාන වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ.

ඒමෙන්ම සතුන් හා ශාක අපනයනය සහ අධීක්ෂණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික තණබිම් හා පරිපාලන ආයතනය ද පවසා ඇත්තේ ඔවුන් එවැනි කාරණයක් සම්බන්දයෙන් කිසිදු දැනුවත් වීමක් නොමැති බවයි. එපමණක් නොව මේ පිලිබඳව චීන පෞද්ගලික සමාගමක් හෝ එවැනි ඉල්ලීමක් කර නොමැති බවත් ඒ පිලිබඳව පළවන වාර්තා අසත්‍ය බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

නයනා උදයංගනී

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක්  දන්සැල Read Previous

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක් දන්සැල

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Next

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

Realted Post

Leave a comment