රෝද පුටුවේ සිට බැලේ නටන ජෝ....

 

ජීවිතයට සරදම් කරන්න දෛවයට ඉඩ හැරිය යුතු නැත. එයට හොඳම උදාහරණය වන්නේ ජෝ පවෙල් මේන් ය. එක්සත් රාජධානිය තුළ රාජකීය මුද්‍රා නාට්‍ය සමාගම විසින් මෙහෙයවන “ස්ලීප්වෝකර්” සංදර්ශනයේ තාරකාව වන්නේ ජෝ පාවෙල් ය. 


එහෙත් ජෝට එක් අවස්ථාවකදී ජීවිතයේ තමන් බලාපොරොත්තු නොවූ අවස්ථාවකට මුහුණ දීමට සිදුවනවා සේම, වයස අවුරුදු 15 දී මෙම තරුණයාගේ දණහිසේ ඇතිවන ආබාධයක් හේතුවෙන් සැත්කමකට ලක්වීමට සිදු වේ.ඒ අතර කාලයේ ඔහු රිය අනතුරකටද මුහුණ දුන්නේය. අනතුරින් පසු නැවතත් කවදාවත් තමන්ට බැලේ නර්තනයේ යෙදෙන්නට අවස්ථාවක් නොලැබෙන බව ඔහු විශ්වාස කර ඇත. මේ වන විට නැවතත් නව මුහුණුවරකින් ජෝ මුද්‍රා නාට්‍ය රඟදැක්වීම ආරම්භ කර ඇතිබව සඳහන් වේ. ඒ රෝද පුටුවේම සිටිමින් වන අතර, එයින් ඔහු බලාපොරොත්තු වන්නේ විශේෂ අවශ්‍යතා ඇති නර්තන ශිල්පීන් සඳහා තවත් අවස්ථා නිර්මාණය කිරීම ය. 

 නයනා උදයංගනී


 

ළමා ලෝකය තව තවත් සුන්දර කරන්න පොඩ්ඩෝ ආස විදියට මෙහෙම හදලා දෙමු... Read Previous

ළමා ලෝකය තව තවත් සුන්දර කරන්න පොඩ්ඩෝ ආස විදියට මෙහෙම හදලා දෙමු...

නූතන ලංකාවේ සාලිය අසෝකමාලා මාදු ගඟේ බෝට්ටු සෆාරියක් ගිහිල්ලා... Read Next

නූතන ලංකාවේ සාලිය අසෝකමාලා මාදු ගඟේ බෝට්ටු සෆාරියක් ගිහිල්ලා...

Realted Post

Leave a comment