රෝද පුටුවේ සිට බැලේ නටන ජෝ....

 

ජීවිතයට සරදම් කරන්න දෛවයට ඉඩ හැරිය යුතු නැත. එයට හොඳම උදාහරණය වන්නේ ජෝ පවෙල් මේන් ය. එක්සත් රාජධානිය තුළ රාජකීය මුද්‍රා නාට්‍ය සමාගම විසින් මෙහෙයවන “ස්ලීප්වෝකර්” සංදර්ශනයේ තාරකාව වන්නේ ජෝ පාවෙල් ය. 


එහෙත් ජෝට එක් අවස්ථාවකදී ජීවිතයේ තමන් බලාපොරොත්තු නොවූ අවස්ථාවකට මුහුණ දීමට සිදුවනවා සේම, වයස අවුරුදු 15 දී මෙම තරුණයාගේ දණහිසේ ඇතිවන ආබාධයක් හේතුවෙන් සැත්කමකට ලක්වීමට සිදු වේ.ඒ අතර කාලයේ ඔහු රිය අනතුරකටද මුහුණ දුන්නේය. අනතුරින් පසු නැවතත් කවදාවත් තමන්ට බැලේ නර්තනයේ යෙදෙන්නට අවස්ථාවක් නොලැබෙන බව ඔහු විශ්වාස කර ඇත. මේ වන විට නැවතත් නව මුහුණුවරකින් ජෝ මුද්‍රා නාට්‍ය රඟදැක්වීම ආරම්භ කර ඇතිබව සඳහන් වේ. ඒ රෝද පුටුවේම සිටිමින් වන අතර, එයින් ඔහු බලාපොරොත්තු වන්නේ විශේෂ අවශ්‍යතා ඇති නර්තන ශිල්පීන් සඳහා තවත් අවස්ථා නිර්මාණය කිරීම ය. 

 නයනා උදයංගනී


 

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Next

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

Realted Post

Leave a comment