ලොවක් බලා සිටින දැවැන්ත වේදිකාවේ ඒ දුර්ලභ අවස්ථාවට හිමිකම් කියන්නේ ඉන්දියානු සුපිරි නිළි දීපිකා පදුකොන්...?

 

ඔව්... විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි මු`ඵ ලොවම බලා සිටින ඒ සුපිරි වේදිකාවේ එම සුවිසේශී දුර්ලභ අවස්ථාවට හිමිකම් කියන්නේ බොලිවුඩ් සුපිරි නිලි දීපිකා පදුකෝන් කියලයි ආරංචි වෙන්නේ. 


මොකද්ද මේ දුර්ලභ අවස්ථාව? ලෝකයේ මිල අධිකම කුසලාන අතරින් එකක් ලෙස FiFA කුසලානය හඳුන්වන්න පු`ඵවනි. ඝණ රන්මය කුසලානයක් වූ මෙම කුසලානය විවෘත කිරීම පාපන්දු ලෝකයේ වැඩිපිරිසක් නරඹන්න බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩා ඉසව්වේ සුවිසේශී අංගයක් ලෙස හැදින්විය හැකිය.


කුසලානය නිරාවරණය කිරීමට ලැබීම සැබැවින්ම කෙනකුට තමන්ගේ ජීවිතේ ලැබෙන දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ. FiFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරඟයේදී මෙම කුසලානය එළිදැක්වීමේ වරම් ලබන ජනප්‍රිය නිලි දීපිකා පදුකෝන් මෙම අවස්ථාවට පෙනීසිටියහොත් 2022 කෑන්ස්හීදී ඉන්දියාව නියෝජනය කල ඇයට නැවතත් ගෝලීය වේදිකාවක පෙනී සිටීමේ භාග්‍ය උදාවනු ඇත. එය ලොවම බලාසිටින විශේෂ අවස්ථාවක් ද වේ. 


ඒ අනුව දෙසැම්බර් මාසයේ 18 වැනි දින Lusail Iconic ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ලෝක පාපන්දු ක්‍රීඩාවේ එම සුවිසේශී අවස්ථාව වෙනුවෙන් ඇය කටාර් වෙත ගමන් කිරීමට නියමිතව ඇත.

නයනා උදයංගනී   


 

මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ  වාර්ෂික ඇසළ පෙරහැරට  සුබ  මොහොතින්  පිරිත්  දේශණා කර  කප් සිටුවයි Read Previous

මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට සුබ මොහොතින් පිරිත් දේශණා කර කප් සිටුවයි

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් Read Next

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින්

Realted Post

Leave a comment