ලෝකෙන්ම පළමු තැන දිනූ ශ‍්‍රී ලංකාවේ ගුවන්සේවා වීඩියෝව...

“Women in Aviation Multimedia Engagement Contest” නමින් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් ලොවපුරා ඡුායාරූප/වීඩියෝ තරගාවලියක් එළිදක්වා ඇත. මෙම තරගය සඳහා ශ‍්‍රී ලංකාවෙන්ද නියෝජනයක් තිබී ඇති අතර එහිදී අපේ රට නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත් වූ දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත්කර ඇති කෙටි වීඩියෝ නිර්මාණය ලොව රටවල් විශාල ප‍්‍රමාණයක නිර්මාණ 280ක් පරදවමින් ප‍්‍රථම ස්ථානය දිනාගෙන ඇත. 

තරගයේ ස්වභාවය අනුව මූලික වටය සඳහා රටවල් ගණනාවක් ඉදිරිපත් කරඇති නිර්මාණ අතුරින් අවසාන වටයට තෝරාගෙන ඇත්තේ නිර්මාණ 12ක් වන අතර, එම තෝරාගත් නිර්මාණ සියල්ල ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිල ෆේස්බුක් පිටුවේ සතියක කාලයක් ලොව වටා ජනතා මනාප සඳහා විවෘතකර ඇත. එලෙස අවසන් වටය සඳහා තෝරාගත් නිර්මාණ අයත් රටවල් වන්නේ ශ‍්‍රී ලංකාව, පිලිපීනය, ප‍්‍රංශය, තුර්කිය, අමෙරිකාව, ආජන්ටිනාව, කැනඩාව, අයර්ලන්තය, ස්ලෝවෙනියාව, සර්බියාව, කෙන්යාව සහ සීෂෙල්ස් රාජ්‍යයයි.

කෙසේ වෙතත් අවසානයේ ලොවවටා බොහෝ පිරිසකගේ වැඩිම මනාපයෙන් මෙම නිර්මාණ අතුරින් ලංකාවේ දේව් කව්සල විසින් නිර්මාණය කළ Aviation Voice ප‍්‍රථමස්තානයට තේරීපත්ව ඇත. 
නයනා උදයංගනී

 

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් Read Previous

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම්

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Next

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

Realted Post

Leave a comment