වයිල්ඩ් බෝර්ස් පාපන්දු නායක ඩුආන්ග්පෙට්ච් ප්‍රොම්තෙප් බි්‍රතාන්‍යයේදී මරණයට...

 

වයිල්ඩ් බෝර්ස් පාපන්දු කණ්ඩායමේ සමාජිකයින් දොළොස්දෙනා අතුරින් එම කණ්ඩායමේ නායක ඩුආන්ග්පෙට්ච් ප්‍රොම්තෙප් පාපන්දු ක්‍රීඩාවේ නියැලෙමින් සිටියදී මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මෙලෙස මරණයට පත්ව ඇත්තේ බිතාන්‍යයේ ලෙයිසෙස්ටර්ෂයර්හි බෘක් හවුස් කොලේජ් පාපන්දු ඇකඩමිය හා එකතුවී පාපන්දු ක්‍රීඩාවේ නියැලෙමින් සිටියදී බවයි සඳහන් වන්නේ.


2018 වසරේ තායිලන්තයේ තාම් ලුආන්ග් ගුහාවේ සිරවී සිටී මෙම ක්‍රීඩකයා ඇතු`ඵ කණ්ඩායමේ පුහුණුකරු සහ අනෙක් සිරවූ පිරිස් බේරා ගන්නා තුරු ලොවපුරා විශාල පිරිසක් දෑස් දල්වා බලා සිටී අතර එම අවස්ථාවේදී ජාත්‍යන්තර සහයෝගයක් ඇතිව සති දෙකක පමණ විශාල මෙහෙයුමකින් අනතුරුව ඔවුන් නිරුපද්‍රිතව මුදවා ගැනීමට හැකිවූ අවස්ථාවද ලොව පුරා පුවත් මවන්නට විය. ඒ වන විට වයස අවුරුදු 13ක් වූ ප්‍රොම්තෙප් මෙලෙස බි්‍රතාන්‍යයේදී මරණයට පත්වන විට වයස අවුරුදු 17කි.

 

 


කෙසේ නමුත් මේ වන විටත් ඔහුගේ මරණයට හේතුව පැහැදිලි නොවන අතර ඔහුගේ හිසේ කාලයක් පුරා තුවාලයක් පැවතුනු බවද සඳහන් වේ.    

නයනා උදයංගනී


 

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Next

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

Realted Post

Leave a comment