වසර 13කට පෙර ගඟට වැටුණු කැමරාවක මතක විපය තවමත් හොඳින්...

 
වසර දහතුනක් තිස්සේ ජලය, සහ වැල්ල සමඟ තිබුණ කැමරාවක ඡායාරූප තවමත් සුරක්ෂිතව තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? විශ්වාස කරන්න අමාරු වුනත් එ සත්‍ය කතාවක් බවට පත්ව තිබෙනවා. මේ ගැන වාර්තා වෙන්නේ එක්සත් ජනපදයෙන්. මේ හේතුව නිසා කැමරාවේ අයිතිකාරියට තමන්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක කැමරාගත වූ වටිනා ඡායාරූප නැවත හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 
 
මේ සිදුවීම වෙන්නේ 2010 වර්ෂයේදී. කැමරාවේ අයිතිකාරිය වුණේ කොරාල් අමායි නමැති තරුණියක්. 2010 වර්ෂයේදී පැවති තමන්ගේ හොඳම මිතුරියගේ විවාහ මංගල්‍යට උත්සවයට සහභාගි වන ඇය මංගල උත්සවයෙන් අනතුරුව වාතය පිරවූ ටියුබයක් මඟින් අනිමාස් ගංගාවේ සිදුකල පිහිනීමක් අතරතුරදී ඇයගේ කැමරාව ගංගාවට වැටී ඇතිබව සඳහන් වෙනවා. නමුත් එලෙස වැටුණු කැමරාව වසර දහයකට පසුව නැවත හමුවන අතර එහි තිබූ ඡායාරූපයන්ට කිසිදු හානියක් සිදුවී නැති බවයි වාර්තා වෙන්නේ.
 
කෙසේ නමුත් මෙය සිදුවී තිබෙන්නේ ටියුබය හරහා ඇය ගංගාවේ පහළට යමින් සිටින අතරතුරක දිය පහරකට හසුවී ටියුබය පෙර`ඵණු අවස්ථාවකයි. නමුත් නැවත ටියුබයට නැගගත්තත් ඇයට ඇයගේ කැමරාව නම් අහිමිවෙලා තිබුණා.
මංගල අවස්ථාවේ ලබාගත් ඡායාරූප කැමරාවේ පමණක් තිබුණ නිසා එය අහිමි වීමෙන් ඇය මහත් කම්පාවකටත් පත්ව තිබෙන බවත් සඳහන් වෙනවා. කොහොම වුනත් පසුගිය දිනයක වෙනත් පුද්ගලයෙකුට වැලි යටින් මතුවී තිබූ මේ කැමරාව වසර දහතුනකට පසු නැවත හමු වී තිබෙන අතර එය දිරාගොස් තිබූ නිසා විසිකර දමන්නට සැරසුනත් නැවත එය රැගෙන ගිහින් එහි මතක විපය පරික්ෂාකල ඔහුට එහි ඡායාරූප දැකගන්නට ලැබී ඇත. අවසානයේ ෆේස්බුක් ගිණුම හරහා ඡායාරූපවල සැබෑ අයිතිකාරියද සොයා ගැනීමට හැකිව තිබෙන අතර වසර දහතුනකට ඉහත අහිමී වූ එම ඡායාරූප නැවත දැකීමෙන් කොරාල් ප්‍රීතියටත් පුදුමයටත් පත්ව ඇත. කෙසේ නමුත් වාර්තා වන්නේ මෙම කැමරාව ගංගාව දිගේ සැතපුම් 1.2ක් පමණ දුරක් පැමිණ ඇති බවයි.
 
නයනා උදයංගනී  

ළමා ලෝකය තව තවත් සුන්දර කරන්න පොඩ්ඩෝ ආස විදියට මෙහෙම හදලා දෙමු... Read Previous

ළමා ලෝකය තව තවත් සුන්දර කරන්න පොඩ්ඩෝ ආස විදියට මෙහෙම හදලා දෙමු...

කෙල්ලන් වශී වෙන කොල්ලන් ආසම Hair Cut එකක් ඔයත් කපලා බලන්න ආස හිතෙයි Read Next

කෙල්ලන් වශී වෙන කොල්ලන් ආසම Hair Cut එකක් ඔයත් කපලා බලන්න ආස හිතෙයි

Realted Post

Leave a comment