වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට පළමු මහාචාර්යවරිය අවසන් ගමන් යයි...

 

මිය යන විට 97 වැනි වියේ පසුවූ ප්‍රියානි සොයිසා මෙරට කාන්තාවන්ගේ යහපත සඳහා මෙන්ම වෛද්‍ය ශ්‍රේත්‍රය උදෙසා ඇප කැප වී කටයුතු කල මහාචාර්යවරියකි.

ඇය ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වූ අතර මෙරට වෛද්‍ය විද්‍යාව පිලිබඳ පළමු මහාචාර්යවරිය ද විය.

අප්‍රේල් මස 07 වනදා ජීවිතයෙන් සමුගන්න ඇය, ඊයේ එනම් 10වනදා  බොරැල්ල කනත්තේදී අවසන් ගමන් ගියාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කල ඇය, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියක ලෙසද කටයුතු කර ඇත.


එපමණක් නොව බ්‍රිතාන්‍යයේදී වෛද්‍ය ව්ද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්ද ලබා ඇති ඇයගේ සේවය ලෝකයටම බලපෑම් කිරීමට සමත්ව ඇත.


මෙරට කාන්තාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියකදී මව්වරුන්ට වැඩකරන දින 84ක වැටුප් සහිත නිවාඩු හිමිකරදීමට මූලිකත්වය ගන්නේද ඇයයි.


ඒ අනුව මෙරට වෛද්‍ය සේවයේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් සිදුකිරීම වෙනුවෙන් ඇයට, 2017 වසරේදී එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන අතින් දේශමාන්‍ය ගෞරව සම්මානයද ලබාදී ඇත.

නයනා උදයංගනී

සිරිකත කුස්සියේ රහස් Read Previous

සිරිකත කුස්සියේ රහස්

දරුවන්ට නිතර සවන් දෙන දෙමාපියන් සාර්ථක දෙමාපියන් Read Next

දරුවන්ට නිතර සවන් දෙන දෙමාපියන් සාර්ථක දෙමාපියන්

Realted Post

Leave a comment