සංක‍්‍රමණික කතුන්ට මුදලට උප්පැන්න සහතික දෙන බ්‍රිතාන්‍ය පිරිමි.

පවුම් දහස් ගනණකට සංක‍්‍රමණික කාන්තාවන්ගේ දරුවන්ට පීතෘත්වය විකුණන බ්‍රිතාන්‍ය යේ පිරිමි කොටසක් ගැනයි මේ පුවත ආනාවරණය වන්නේ. ඒ සඳහා එම දරුවන්ගේ පියවරුන් ලෙස පෙනී සිටීමට ඔවුන් පවුම් දහස් ගණනක් අයකරන බව බීබීසීය කළ විමර්ශනයකින් අනාවරණය වී ඇත.

එම නිසා දරුවකුට එක්සත් රාජධානිය තුළ පුරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, දරුවාගේ මවට එයින් බ්‍රිතාන්‍ය පදිංචිය සඳහා අවස්ථාව සැලසෙනු ඇත.

මෙලෙස අදාල පිරිමි පාර්ශවයේ නම දරුවාගේ උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීම සඳහා අදාල පාර්ශවය ඩොලර් 12,525ක් වැනි මුදලක් වැයකරන බව අනාවරණය වී තිබේ.

මෙය මේ වන විටත් එක්සත් රාජධානිය පුරා විවිධ පාර්ශවයන් අතර සිදුවන වංචනික ක‍්‍රියාවක් බවයි වාර්තා වන්නේ.

නයනා උදයංගනී

මහනුවර  දිගන  ,තෙල්දෙණිය  නගර වල  ගෘහස්ත ගෑස් හිඟයක්... Read Previous

මහනුවර දිගන ,තෙල්දෙණිය නගර වල ගෘහස්ත ගෑස් හිඟයක්...

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’ Read Next

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’

Realted Post

Leave a comment