සුන්බුන් අතර ඉපදුන තුර්කි බිළිදිය හදාවඩා ගැනීමට දහස් ගණන් ඉදිරිපත් වෙයි

 

පසුගියදා තුර්කියේ සිදුවූ මහා භුමිකම්පනයෙන් මේ වන විටත් ජීවිත තිස් තුන් දහසකට අධික වන අතර එය පනස් දහසක් පමණ විය හැකිබවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. කෙසේ නමුත් මේ ව්‍යසනය සිදුවූ දා පටන් විටින් විට එහි ඉතා සංවේදී සිදුවීම් ගණනාවක් දැකගත හැකිවිය. 

 

මිනිසුන් ගේ මෙන්ම සතුන්ගේ පවා ජීවිත මුදාගත් සංවේදී අවස්ථා බොහෝමයක් ඒ අතර විය. තමන්ගේ ජීවිත පරදුවට තබා දරුවන්ගේ ජීවිත බේරාගත් පියවරුන්, මවුවරුන්ගේ හද සසල කරවන කඳුලු කතා ද ඒ අතර විය. ඒ අතර වයඹදිග තුර්කියේ කඩාවැටුණු ගොඩනැඟිල්ලක සුන්බුන් යට ගැබිණි මවක් තම දරුවා බිහිකර දරුවාට ජීවිතය දී ඇය ජීවිතයෙන් සමුගෙන තිබූ ඛෙදනීය පුවතක්ද සමාජ මාධ්‍ය පුරා  දැකගන්න ලැබුණි,  දරුවා පෙකණී වැලෙන් තම මවට සම්බන්ධ වී සිටී අවස්ථාවේදී දරුවා මුදාගෙන ජීවිතය බේරාගන්නට හැකිවිය. කෙසේ නමුත් මේ අලුත උපන් බිළිඳිය තම ජීවිතය බේරාගැනීමට වාසනාවත වූ නිසාම මේ වන විට දහස් ගණනින් පිරිස් මේ බිළිඳිය දරුකමට හදාවඩා ගැනීමට ඉදිරිපත් වන බවට තොරතුරු වාර්තා වෙයි. 


මෙම ව්‍යසනයෙන් පුංචි බිළිඳියගේ මව මෙන්ම, පියා සහ සොයුරු සොයුරියන්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි. ඇය සුන්බුන් අතරින් මුදවා ගත් අවස්ථාවේ දී ඉතා ඉක්මනින් රෝහලවෙත රැගෙන යෑමට කටයුතු කර ඇත්තේ ඇයගේ දුර නෑයකු වන කලීල් අල්- සුවාදී යි.   

නයනා උදයංගනී 


 

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’ Read Previous

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’

’’සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය’’ Read Next

’’සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය’’

Realted Post

Leave a comment