‘ප්‍රොජෙක්ට් කේ‘ රූගත කරද්දි අමිතාබ් බච්චන් අනතුරට ලක්වෙයි...

 

මේ වන විට අසූ හැවිිරිදි වියේ පසුවන ජනප්‍රිය රංගන ශිල්පී අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර අනතුරකට පත්වීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය අනාවරණය කරනවා. ඒ “ප්‍රොජෙක්ට් කේ” චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුරයි.      
මෙම අනතුරින් බච්චන් ගේ ඉළ ඇටයේ මාංශපේශී ඉරීමකට ලක් වී තිබෙනවා. ඉල ඇටයේ කාටිලේජය පිපිරීමෙන් එය සිදු වී ඇති බව අමිතාබ් බච්චන් විසින්ම ලියූ බ්ලොග් සටහනකින් හෙළිවී තිබෙනවා. ඔහු හයිද්‍රාබාද් ්ෂඨ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන මේ වනවිට නිවසේ විවේක සුවයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවයි ආරංචි. 


මේ ගැන බච්චන් ඔහුගේ බ්ලොග් සටහනේ සටහන් තබා තිබුණේ මේ විදියට.

 


“මේ තත්ත්වය සාමාන්‍ය තත්වයට පත්වෙන්න නම් තව සති කිහිපයක් ගත වෙයි කියලා වෛද්‍යවරු පවසනවා. ඉතින් කරන්න වැඩ ඔක්කොම නවත්වලා, දැම්මා. සුව වෙනකල් කල් දැම්මා” 


බහු භාෂා විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වූ ප්‍රොජෙක් කේ චිත්‍රපටයෙහි අමිතාබ් බච්චන් සමග දීපිකා පදුකෝන්, ප්‍රහාස්, සහ දීෂා පතානී රංගනයෙන් දායකවන අතර, එය ලබන වසරේ ජනවාරී 12 වැනිදා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමටද නියමිතව ඇති බවත් වාර්තා වෙනවා.

නයනා උදයංගනී


       

මහනුවර  දිගන  ,තෙල්දෙණිය  නගර වල  ගෘහස්ත ගෑස් හිඟයක්... Read Previous

මහනුවර දිගන ,තෙල්දෙණිය නගර වල ගෘහස්ත ගෑස් හිඟයක්...

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Next

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

Realted Post

Leave a comment