“කොල්ලා කොල්ලා” කිව්ව ගමන් ගාල කඩාගෙන ඇවිත්...

 

සතුන්ට ආදරය කරුණාව දක්වන ඔබටනම් මේ කතාව තරමක් සංවේදී වෙන්න පු`ඵවන්. මේ සංවේදී පුවත වාර්තා වෙන්නේ කහටගස්දිගිලිය ප්‍රදේශයෙන්. පසුගිය දිනයක වාහල්කඩ පොලිසියට අයත් බෙල්ලන්කඩවල ප්‍රදේශයේ මී හරක් පට්ටියකින් යම්කිසි පිරිසක් ගවයින් දෙදෙනකු සොරාගැනීමේ පුවතක් වාර්තා වෙනවා. 


කෙසේ නමුත් මේ සිදුවීම ඔස්සේ ඉක්මනින් ක්‍රියාත්මක වෙන පොලිසියට සිදුවීමට සම්බන්ධ සැක කරුවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට අරන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා. එම අවස්ථාවේදී නිලධාරීන්ට ගවයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. එහිදී ලැබී ඇති තොරතුරු අනුව වාර්තා වී තිබෙන්නේ සොරාගත් තැනැත්තන් විසින් මෙම සතුන් දෙදෙනා මස් සඳහා කිරි ඉබ්බන් වැව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවිකර තිබෙන බවයි.


ඉතින් මේ මොහොතේ වහා ක්‍රියාත්මක වන පොලිස් නිලධාරීන් හරක් හිමිකරුවා සමඟ අදල ස්ථානයට ගිහින් ඇති බව වාර්තා වෙනවා. කෙසේ නමුත් ඔවුන් එම ස්ථානයට යන විටත් රෑ බෝවී තිබුණ නිසත්, පට්ටියේ මී ගවයින් විශාල ප්‍රමාණයක් සිට ඇති නිසත්, තමන්ගේ ගවයින් දෙදෙනා හඳුනා ගැනීමට හිමිකරුට හැකියාවක් නම් ලැබිලා නැහැ. අවසානයේ හිමිකරු ගවයින් දෙනොට “කොල්ලා කොල්ලා” කියා ආමන්ත්‍රණය කිරීමෙන් පසු මේ ගවයින් දෙදෙනා ගාල ඇතුලේ සිටී ගව පට්ටිය අතරින් කෑ මොර දෙමින් තමන්ගේ ස්වාමියා සමීපයට ඇවිත් තියනවා කියලයි ආරංචි වෙන්නේ. කොහොම වුනත් කොල්ලා යනු තම ගවයින්ට හිමිකරු විසින් ආදරයට කියන අනුවර්ත නම බවයි සඳහන් වෙන්නේ.

නයනා උදයංගනී


 

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල්  මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල Read Previous

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල් මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Next

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

Realted Post

Leave a comment