ලිංගිකව එකතුවෙන්න පිරිමි අකමැති ඇයි?

දික්කසාද නඩුවක් දක්වා දුරදිග ගිය යමුනා හා පුදීප් යන දෙදෙනාගේ විවාහය දෙදරා යාමට ආසන්නව තිබිණ. අධිකරණ විශෝධන නිලධාරීවරයා විසින් ඔවුන් දෙපළ පවුල් උපදේශනය සඳහා යොමු කර තිබුණේ පවුල් උපදේශනය මඟින් හෝ ඒ දෙදෙනාගේ විවාහය දෙදරා යාම වැළැක්වීමටය.

මනෝ උපදේශකවරිය ඉදිරියේ පළමුව කතා කළේ යමුනාය.

" අපි විවාහ වෙලා අවුරුදු තුනක් වෙනවා. අපිට එක දරුවෙක් සිටිනවා. මම කැමති වුණත් සැමියා ලිංගිකව එකතු වෙන්න කැමති නැහැ. මම උනන්දු කළත් එයාට කැමැත්තක් නැහැ. එයා බයවෙලා වගේ නැගිටලා යනවා. මේ පවුල් ජීවිතය මට එපා වෙලා"

ඇය කී මේ ලක්ෂණ කාන්තා පිරිමි දෙපාර්ශවයටම තියෙන්න පුළුවන්. පිරිමින්ට මේ තත්ත්වය ඇතිවෙන්න හේතු කිහිපයක්ම බලපායි.

  • කාන්තාව පිරිසුදු නැතිනම්

විවාහයට කලින් දෙදෙනා හමු වීමට යද්දී විලවුන් ගාගෙන ලස්සනට හැඩ වෙලා යනවා. නමුත් විවාහ වෙලා කාලයක් යද්දී කාර්ය බහුලත්වය නිසා කාන්තාවට පිරිසුදුව ඉන්න උනන්දුවක් නැහැ. සැමියා උදේ රැකියාවට යන විට ඇඳ සිටි ඒ ඇඳුම පිටින්ම සැමියා සවස නිවසට එන විට සිටීමත් පිරිමින්ට තම බිරිඳව පිළිකුල්වීමට එක් හේතුවක්.

  • පෙර සිදු වූ සිදුවීමක් නිසා ඇතිවන බිය

යම් දිනෙක සංසර්ගයේ යෙදෙන විට ප්‍රාණවත් නොවීමක් හෝ සුරතාන්තය ප්‍රමාද වීම හෝ සුරතාන්තයට පත් නොවීම යනාදී සිදුවීම් අතීතයේදී යම් දවසක සිදුවූවා නම් ඔහුට ඒ සිදුවීම මතක් වීම නිසා නැවතත් එම දේ සිදුවේ යැයි බියක් ඇති වේ.

  • කුඩා කල අම්හිරි අත්දැකීම්

මවුපියන් හෝ වැඩිහිටියන් ආදරයට හෝ තරවටු කිරීමේදී පුරුෂ ලිංගය කපනවා, පුච්චනවා යැයි ආදී වශයෙන් බිය ගැන්වීම නිසා කුඩා කල ගොඩ නැගෙන එම පෞරුෂය නිසා විවාහ ජීවිතය දෙදරා යාමට පුළුවන.

  • පිරිමිකම මැන බැලීම

මව්පියන් හෝ ළඟ සිටින ඔබේ යහළුවන් ඔබ යම් දෙයක් කිරීමෙන් පසු අපෝ ඔබ පිරිමියෙක් ද ඒ වැඩේ කරන්න බැරිද යන වචන තුළින් පවා මෙම Performance anxiety තත්ත්වය ඇතිවෙනවා.

Performance anxiety තත්ත්වය දීර්ඝකාලීනව තිබීම නිසා පිරිමින්ගේ ලිංගය ප්‍රාණවත් නොවීම, ක්ෂණික මෝචනය වැනි තත්ත්වයන්ද ඇති වෙනවා.

  • තම ශරීරය ගැන හීනමානය

තම පුරුෂ ලිංගයේ ප්‍රමාණය අනුව සමහරු අනිසි බියක් ඇති කර ගන්නවා. මෙම anxiety තත්ත්වය දිගින් දිගටම පවතින අය සිටිනවා. මේ අයට මෙම තත්ත්වය වෙනත් මානසික රෝග නිසාද ඇතිවීමට පුළුවනි. නමුත් කිසිදු රෝගයක් නොමැති පුද්ගලයකුට වුවද ඉහතින් සඳහන් කළ මනෝලිංගික රෝග තත්ත්ව ඇතිවිය හැකියි.

මනෝ ප්‍රතිකාර සහ ඖෂධ ප්‍රතිකාර මගින් මෙම තත්ත්වය සුව කළ හැකිය. පවුල් ජිවිතය යනු දෙදෙනා අතර මනා ලෙස සන්නිවේදනයක් ඇතිව යායුතු ගමනකි.

සටහන: ඇමරිකානු මෝහන අධිකාරියේ ලියාපදිංචි මෝහනවේදිනී, මනෝ උපදේශිකා (SLNIPC) සහ මනෝචිකිත්සිකො, මනෝ විද්‍යා ප්‍රවීණ දේශිකා හා ලේඛිකා, දුල්මිනි එස්. සෙනවිරත්න

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා... Read Previous

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා...

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Next

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

Realted Post

Leave a comment