ආබාධය ක්‍රීඩාවට බාධයක් නෙමෙයි

අර්ධ ආබාධිත තත්වයක සිටියත් ක්‍රීඩාවෙන් තම ජීවිතය ජයගෙන මේ වෙනකොට ක්‍රීඩා පුහුණුකාරිනියක් ලෙස කටයුතු කරන දිරිය කතක් තමයි තමයි නිලූකා අමරසේන කියන්නෙ. සිරිකත Online ඇය සමඟ කළ සාකච්ඡාවකි මේ.

 

පාසල් කාලයේ නිලුකා මොනවගේ ක්‍රීඩිකාවක් ද?
පාසල් කාලයේ වොලිබෝල් ක්‍රීඩිකාවක් විදියට තමයි කැපී පෙනුණේ. ගොඩක් තරඟ  ජයග්‍රහණය කරන්නත් අපිට පුළුවන් වුණා. නමුත් මගේ උසේ ප්‍රශ්නය නිසා ජාතික මට්ටම් මට මඟහැරුණා.

 

ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්නෙ කොහොමද?
විවේක වෙලාවන්වලදී ගමේ පිරිමි ළමයි  ක්‍රිකට් සෙල්ලම් කරද්දි මමත්  ඔවුන් සමඟ සෙල්ලම් කළා. ඒ අතරතුරේ දී  යාළුවෙක්ගේ මාර්ගයෙන් මට අවස්ථාව ලැබුණා එක්තරා යෞවන සමාජයක ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදියට සෙල්ලම් කරන්න. ඒ විදියට තමයි ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීම සිද්ධ වෙන්නේ.

 

නිලූකාගේ ක්‍රිකට් ගමන ගැන යමක් කිව්වොත් ?
එතන ඉඳලා දිගටම පුහුණුවීම්වල නිරත වුණා. ලොකු තරඟයක් තිබුණ නිසා මහනුවර කාන්තා ක්‍රිකට්  කණ්ඩායම නියෝජනය කරන්න මට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් මම සෙල්ලම් කරන එක නතර කළේ නැහැ. 

ඊට පස්සේ අහම්බෙන් මහනුවර කාන්තා ක්‍රිකට්  කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාවක් ලැබුණා. ඒකෙන් මම උපරිම ප්‍රයෝජන ගත්තා. ඊට පස්සේ  මට හැකිවුණා, මහනුවර කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න.

 

ඔබේ ආබාධය ක්‍රීඩාවට ආබාධයක් වුණාද?
ඇත්තටම නැහැ. මට කිසිම වෙලාවක හිතෙන්නෙ නැහැ මම අර්ධ ආබාධිත කෙනෙක් කියලා. මගේ උත්සාහයෙන් වගේම  කැපවීමෙන් මගේ තැන මමම ගොඩනගා ගත්තා. ආබාධය කියන දේ කිසිම දවසක ක්‍රීඩාවට ආබාධායක් හෝ බාධාවක් නෙවෙයි.

 

ක්‍රිකට් නිසා ලැබුණු ජයග්‍රහණ ගැන කිව්වොත්?
2009 දී මධ්‍යම පළාත් කාන්තා ක්‍රිකට් අංශයෙන් රන් පදක්කම වගේම 2010 දී මහනුවර ජාතික තරඟාවලියට සහභාගිවෙමින් රන් පදක්කම දිනා ගැනීමට අපට හැකි වුණා.

 

ග්‍රාමීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නෙ කොයිවගේ තැනක ද?
දීප ව්‍යාප්ත වැඩසටහනක් දිස්ත්‍රික්ක මට්ටමෙන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. මාසෙකට සැරයක් ගිහිල්ලා ඒ දේ කරනවට වඩා සතියකට එක දවසක්වත් ක්‍රීඩාව පැත්තෙන් දෙයක් කරන්න පුළුවන් නම් ගොඩක් දක්ෂයෝ ජාතික කණ්ඩායමට තෝරගන්න පුළුවන්.

 

දෙමව්පියන්  දරුවන්ව ක්‍රීඩාවට යොමුකළ යුත්තේ කෙසේද ?
ළමයෙක් ඉපදුණු ගමන්  ඔවුන්ගේ ගමන, බිමන පවා සියල්ල සිදු වෙන්නේ  දෙමාපියන් ඇසුරේ. ඒක නිසා ක්‍රීඩාවෙදිත් ඊට  අවශ්‍ය අඩිතාලම ගෙදරින් ලැබෙන්න ඕන. ඒකට අවශ්‍ය ශක්තිය වගේම විශ්වාසයත් ලබාදීම වැඳගත්.

සටහන - නෙත්මි තෂාරා


 

BTS තරු දෙක හමුදා පුහුණුව අවසන් කරමින් ජනතාව ඉදිරියට Read Previous

BTS තරු දෙක හමුදා පුහුණුව අවසන් කරමින් ජනතාව ඉදිරියට

ඒ දෙන්නාගේ ලස්සන බලන්නකෝ Read Next

ඒ දෙන්නාගේ ලස්සන බලන්නකෝ

Realted Post

Leave a comment