ගෙවත්තට දෙහි පැළයක්

 

ගෙවත්තේ දෙහි ගසක් වගා කර ගැනීම හිතන තරම් අපහසු නැත. වාණිජ වශයෙන් දෙහි වගා කරනවා නම් මි.ලී. 1000ක් 1400 අතර වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශවල වගා කිරීම සුදුසු අතර අධික ශීත දේශගුණය සහ අධික උෂ්ණ දේශගුණය දෙහි වගාවට සුදුසු නොවේ. සෙන්ටිග්‍රේඩ් අංශක 25 - 30 අතර උෂ්ණත්වය වගාවට සුදුසු අතර සෙන්ටිග්‍රේඩ් අංශක 15 ට අඩු හෝ 40 වැඩි පරිසරයක වගා කිරීමෙන් දෙහි ගසේ වර්ධනය දුර්වල වේ.



සුදුසු පස 
දෙහි පැළයක් රෝපණය කර ගැනීම සඳහා සුදුසුම පස වන්නේ මධ්‍යම වයනයක් ඇති අළු වියළි පසයි. මනා ලෙස ජලය වහනය වන ගැඹුරු පසක් ද වගාවට සුදුසු වේ. පසේ ඡ්‍ය අගය 5-6 ත් අතර විය යුතුයි. 
 

රෝපණ ද්‍රව්‍ය

අදහස් දැක්වීම - 
හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ 
කේ.බී. ගුණරත්න

 


දෙහි බොහෝ විට සිටුවන්නේ බීජ පැළ වලිනි. හොඳ මවු ශාකයකින් බීජ පිරිසුදුව වෙන් කර ගත යුතුයි. බීජ වෙන්කිරීමේදී තුවාල නොවිය යුතු අතර වෙන්කරගත් බීජ හොඳින් සෝදා වැලි තවානක තවාන් කළ යුතුයි. එසේ පැළ කරනු ලැබූ බීජ පැළ වී සති 3 -4 ක් ගත වූ පසු බඳුන්වලට මාරු කළ යුතුයි. දේශීය දෙහි සඳහා පැළ අතර පරතරය මීටර් 6ං3 කි .වාණිජ වගාවක දී නම් හෙක්ටයාරයකට පැළ 350 ක් අවශ්‍යය.
 

ක්ෂේත්‍රය සකසා පැළ සිටුවන අයුරු 
දෙහි පැළයක් සිටුවීම සඳහා සෙන්ටිමීටර් 60ං60ං60 වළක් කපා (දිග, පළල, උස) දිරාගිය කාබනික ද්‍රව්‍ය හා මතුපිට පස් සම සමව කවලම් කර වළ පුරවා ගත යුතුයි. අවශ්‍ය නම් ඩොලමයිට් ස්වල්පයක් එකතු කරන්න. පසේ ආම්ලිකතාව වැඩි නම් සමතුලිත කිරීම සඳහා ඩොලමයිට් යෙදීම යෝග්‍යය. වතුර යෙදීමට හැකිනම් වසරේ ඕනෑම කාලයක දෙහි පැළයක් සිටුවිය හැකියි. වර්ෂා කාලය ආරම්භ වීමත් සමග දෙහි පැළ සිටුවීමට සුදුසු අතර සිටුවීමෙන්  පසු මල් හටගන්නා තෙක් මනාව ජලය යෙදිය යුතුයි.
 

පොහොර යොදන හැටි 
කුඩා පැළවලට පොහොර යෙදීමේදී සෙන්ටිමීටර් 15-20 අතර ඈතින් පැළය වටා පොහොර යෙදිය යුතු අතර වැඩුණු ශාකයකට නම් අතු විහිදී ඇති ප්‍රදේශය බලා එම ප්‍රදේශයට පොහොර යෙදිය යුතුය. යූරියා, ත්‍රිත්ව සුපර් ෆොස්පේට්, මියුරියෙට් ඔෆ් පොටෑෂ් වැනි රසායනික පොහොර පැළ සිටුවා මාස හයකට වරක් යෙදීමෙන් සාර්ථක අස්වැන්නක් වසර කීපයක් යන තුරුම ලබා ගත හැකිය.
 

වළා පැළෑටි පාලනය 
දෙහි ගසේ වර්ධනයට බොහෝ සෙයින් වල් පැළෑටි වැඩීම බලපාන අතර ගස වටා අතු විහිදී ඇති ප්‍රදේශය දක්වා තිබෙන වල් පැළෑටි ඉවත් කළ යුතුයි. වල් ඉවත් කළ යුත්තේ මුලට හා කඳට හානි නොවන ලෙසය.


රෝග සහ කෘමි හානි
දෙහි වගාවට ප්‍රධාන වශයෙන් කබොලු රෝගය, පිළිකා රෝගය, මැලියම් වෑස්සීම, රක්ත පටල රෝගය, ටි්‍රප්විසා වයිරසය වැලඳෙයි.
මෙම රෝග හැදුණු පසු අදාළ අතු කපා පුලුස්සා දැමිය යුතුයි. ටි්‍රප්විසා වයිරසය පතුරන කූඩිත්තා මර්දනය කළ යුතුයි. අනෙක් රෝග සඳහා තඹ අඩංගු දිලීර නාශකයක් ඉසීම ප්‍රමාණවත්ය. කෘමි හානි ලෙස පැඟිරි සමනලයා, පලතුරු මැස්සා, පත්‍ර කනින්නා, කළු කූඩිත්තා, කැරපොතු කෘමියා 
වැනි කෘමීන් හානි කරයි. මෙම කෘමි හානි හඳුනාගත් විට නිර්දේශිත කෘමිනාශකයක් ඉසීමෙන් එම හානි අවම කර ගත හැකියි.

අස්වනු නෙළන කාලය
දේශීය ප්‍රභේදවලින් වසර තුන - හතරක් ගිය පසු අස්වැන්න නෙළිය හැකියි. වසර 5 ක් පමණ හොඳින් නඩත්තු කළ ගසකින් ගෙඩි 350-450 ක් අතර නෙළා ගත හැකිය. දෙහි නෙළා ගැනීමෙන් පසු සතියක් පමණ හොඳ තත්ත්වයෙන් තබා ගත හැකියි. සාම්ප්‍රදායික ක්‍රමයට අනුව නම් තෙත වැලි යට අතුරා තැබීමෙන් මාසයක් පමණ තබා ගත හැකියි.
 

වාසි
නිවෙසේ පරිභෝජනයෙන් ඉතිරිවන අස්වැන්න තුළින් මාමල්ඩ්, ලුණුදෙහි, කෝඩියෙල් නිපදවා ගත හැකියි. දෙහි යුෂ ආම්ලික වන අතර ඖෂධීය ගුණයෙන් යුක්ත වන බැවින් මාංසය, දේහ ප්‍රතිශක්තිය වැඩි කරයි. තුවාල ඉක්මනින් සුව කරයි. දත්වල කුහර සෑදීම වළක්වයි. උගුරේ අමාරු, මලබද්ධය, කෘමීන් සපා කෑමෙන් ඇතිවන විස නසයි.

 


සුජිත් 


 

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක් Read Previous

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක්

International Mother’s Day Read Next

International Mother’s Day

Realted Post

Leave a comment