වසර පුරාම පලදාව දෙන ත්‍රී සිස්ටර්ස්

 

දඹල යනු බොහෝදෙනකු ඉතා ප්‍රිය කරන රසවත් සේම ගුණදායී එළවළුවකි. නිරන්තරයෙන් අප ආහාරයට ගන්නා දඹල වර්ගවලට වඩා තවත් විශේෂ වර්ග තුනක් ද ඇත.
වර්තමානයේ බොහෝ දෙනකුට මේ වර්ග පිළිබඳව  අවබෝධයක් නැතිවුවද අතීතයේ බොහෝ ගෙවතුවල මෙම දඹල වර්ග දකින්නට තිබිණි. එයට හේතුව ඕනෑම පරිසරයක පහසුවෙන් වවාගැනීමට ඇති හැකියාවයි. 
 

අලුත් වර්ග කීපයක්
රතුපෙති දඹල, සුදුපෙති දඹල සහ හාල්මැස්සන් දඹල එකම කුලයට අයත් වර්ග කීපයකි. ගෙවතු වගා කරන බොහෝ දෙනා මෙම වර්ග තුන හඳුන්වන්නේ එයරුැ ිසිඑැරි යනුවෙනි. රස, පෝෂණ ගුණය, ස්වභාවය ගත්තද මෙම වර්ග තුනම එක සමානය. බෝංචිවලට සමාන වුවත් බෝංචිවලට වඩා රසවත් ගුණ පිරි ආහාරයකි. 

 

ගහ පුරාම මල්
පලද්‍රව ලැබෙන කාලයට කොළවලට වඩා වැල පුරාම  මල් හටගන්නා අතර එක මල් කිනිත්තක අඩුම තරමින් කරල් 10 - 15 ක් වැනි ප්‍රමාණයක්  හැදෙයි. කරල් හටගැනීම වසර පුරාම සිදු වේ. වරකදී  කිලෝ එකක පමණ අස්වැන්නක් ලබාගැනීමට හැකිවීම සහ වසරකට ආසන්න කාලයක් එක දිගට පලදාව ලබාදීමත් මෙහි ඇති විශේෂත්වයකි.


ගෙවත්තේ වැටකටත් සුදුසුයි 
ගෙවත්තේ වැටකට සිටුවිය හැකි නම් වැට මායිම් වසාගෙන ඉක්මනින් පැතිරෙන නිසා ගෙවත්තට අලංකාරයක් ලබා ගැනීමට හැකි අතර පිටත සිට බලන අයකුට ගෙවත්ත නොපෙනීමටද හේතුවක් වේ. 

 

පැණි පිරුණු මල්
සමනලුන්, මී මැස්සන්  සහ පැණි කුරුල්ලන් වැනි සතුන් මගින්  පරාගණය සිදු වන අතර දඹල මල්වල අනෙක් මල්වලට සාපේක්ෂව ඉහළ පැණි ප්‍රමාණයක් අඩංගු නිසා බොහෝ සතුන්ගේ ආහාර ගබඩාවක් විදියටත් දඹල මල් හැඳන්විය හැකිය. 

 

අධි ප්‍රෝටීන් ප්‍රමාණයක්
අනෙකුත් එළවළු වර්ග හා සැසඳීමේදී ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් ඇති ශක්තිජනක ආහාරයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ළපටි කරල් කිරට, තෙලට ඕනෑම ආකාරයකට සැකසිය හැකි අතර මෝරපු ඇට කරවල තෙල් දානවිට, වෑංජනයක් හදන විට කවලමේ දමන්නට හැකිය. කුඩා ළමුන් සිටින ගෙවල්වල බීජ තම්බා ලබාදීම මගින් වඩා වැඩි පෝෂණයක් දරුවන්ට ලබාදිය හැකිය.

 


හොඳ ඔසුවක්
ශරීරයේ උෂ්ණය සමනය කරන, විස නසන, මලබද්ධය දුරලන එළවළු වර්ගයක් ලෙසත්  විශේෂය. කුෂ්ට රෝග සඳහා මෙහි පත්‍ර හාල් සේදූ වතුරෙන් තම්බා බඳිනු ලැබේ. ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටීස් ආදී අස්ථි රෝග සඳහාද  හන්දිපත් වේදනා, මාංස පේශිවල වේදනා  සමනය කරන  ඖෂධයකි. අධිකව ප්‍රෝටීන් සහිත නිසා වකුගඩු අකර්මණ්‍යතාව ඇති රෝගීන්ට මෙම දඹල වර්ග සුදුසු නැත.
විශේෂයෙන් රතු පෙති දඹල රතු රුධිරාණු නිෂ්පාදනය වැඩි කරන නිසා ඩෙංගු රක්තපාත රෝගීන්ට ඉතා සුදුසුය. ලියුකේමියා රෝගීන්ටද, බඩදරු මවුවරුන්ටද ඉතාම ගුණදායක එළවළුවකි.

 

මීයන් පාලනයට හොඳයි

අදහස් දැක්වීම - 
ගෙවතු වගා නිර්මාණ ශිල්පිී 
ප්‍රියන්ත කුමාර 

 


දඹල වැලේ ප්‍රධාන අලයට අමතරව කුඩා මුල්වල රනිල ගැටිති හටගනී. මුල්වල තිබෙන මේ රනිල ගැටිති තුවාල වූ විට ඒතුළින් රසායනික ද්‍රව්‍යයක් නිකුත් වේ. එම ද්‍රව්‍ය මීයන්ට හානිදායකය. ගෙවත්තේ අල වර්ග සිටුවා තිබේ නම් අල වර්ගවලට මීයන්ගෙන් වන හානිය මේ නිසා අඩුවෙයි.

 

පහසුවෙන් වවන්න පුළුවන් 
හොඳින් මෝරා වියළුණු බීජ කීපයක් තෝරාගෙන සිටුවීමට බලාපොරොත්තු වන ස්ථානයේ පස බුරුල් කර කොම්පෝස්ට්, වියළි ගොම, කුකුළු පොහොර  සමග දිරාගිය කුණුරොඩු ටිකක් මිශ්‍ර කර සිටුවන්න. පෝර උරයක වුවද සිටුවා අවශ්‍ය ආකාරයට වැල යවා ගැනීමට හැකිය.
ඔබේ ගෙවත්තටත් මෙවැනි දුර්ලභ එළවළු වර්ගවල බීජ අවශ්‍ය නම් සිරිකත ගෙවතු වගා තීරයට යොමු කරන්න. එහිද කූපනය සමග මුද්දර සහිත ලිපිනය ලියූ කවරයක් පහත ලිපිනයට එවීමෙන් එම බීජ වර්ග නොමිලේ ලබාගත හැකිය.


නම -
අවශ්‍ය බීජ වර්ගය -
ලිපිනය - 
දිස්ත්‍රික්කය -


ලිපිනය
සිරිකත කර්තෘ මණ්ඩලය
අංක 08, 
හුනුපිටිය හරස්පාර, 
කොළඹ 02

සුජිත් ප්‍රසංග


 

International Mother’s Day Read Previous

International Mother’s Day

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali Read Next

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

Realted Post

Leave a comment