හදන නිවසට අඩු මුදලකින් වැඩි පෙනුමක්

 

ලොකු මුදලක් තමන්ගේ ළඟ නැතිවුණාට ලොකු ලොකු හීන නම් හැමෝම ළඟ තිබෙනවා. ඒ අතරින් ලොකුම සිහිනය තමයි නිවහන. ඒ හදන සිහින නිවහනට හොඳ ලස්සන පෙනුමක් තිබෙනවට, නිවස දකින අය එහි අලංකාරය ගැන වර්ණනා කරනවාට, අකමැති කෙනෙක් නැහැ. සමහරු කෝටි ගණනක් වැයකර තමන්ගේ නිවස හැදුවත් අන්තිමේදී ගේ ඇතුළට ගියාම වැය කළ මුදලට සරිලන තරම් නිමාවක් පෙනෙන්නේ නැහැ. එහෙත් සමහර වෙලාවට තවත් කෙනෙක් අවම මුදලකින් සාදන කුඩා නිවසේත් කෝටි ගණනක වටිනා පෙනුමක් තිබෙන අවස්ථාද ඕනෑ තරම් තිබේ. එහෙම වෙන්නේ කොහොමද? භාණ්ඩ මිලත් අහස උසට නැග තිබෙන මේ මොහොතේ අඩු වියදමකින් වැඩි නිමාවක් ගන්නේ කෙසේදැයි දැනගන්න කැමතිද?

නිවසක් කියන්නේ මුදල්ම නොවේ. පසුවට වුනත් යම්කිසි මුදලක් නැවත නැවත වියදම් කර විවිධ වෙනස්කම් කිරීමෙන් නිවසේ පෙනුම වැඩි කරගන්න පු`ඵවනි. එහෙත් ඊටත් වඩා වැදගත් වන්නේ එම ලස්සන තබා ගැනීමේ වැඩපිළිවෙල මුලදීම ආරම්භ කිරීමට කටයුතු කිරීමයි. මෙහිදී ගෘහ නිර්මාණ ශිල්පියාගේ සහ ඉංජිනේරුවාගේ දක්ෂතාව සහ එකමුතුකම වඩාත් වැදගත් වේ.

නිවසක වටිනාකම අඩුවෙන අවස්ථා මොනවාද? නිවසේ වහලය සරලවිය යුතුයි නිවසක වහලය රජෙකුට ඔටුන්නක් හා සමානය. මුදුන් වහලය සමග සරල වහල කොටස් කිහිපයක් තිබීම නිවසක ලස්සනට වගේම වාස්තු විද්‍යාවටත් ගැළපෙන්නකි. නිවසට වැඩි අලංකාරයක් ලබාගැනීමේ අරමුණින් බොහෝ දෙනෙක් විවිධ හැඩතලවලට වහලය ගැසුවත් එය ඉතා කල්පනාකාරී විය යුතු තැනකි. එයට හේතුව වහලය සම්මතයෙන් බැහැරව සංකීර්ණ කිරීමෙන් නිවසේ ගෘහ මූලිකයා හෙවත් රජුගේ කීර්තිය, පෞරුෂය, අභිමානය, පෙන්වන හිස විකෘතිවීමට ප්‍රධාන හේතුවක්වන නිසයි.

 

 

වහලයක් සතු ආනතියත් නිවසේ ලස්සනට අවශ්‍ය ය. තිරසට අඩු ආනතියකින් ගැසූ වහලක පෙනුම බැලීමට ඇතැම් විට වහලයට නැගීමට සිදු වේ. ඒ වගේම මෙවැනි වහලයක් මත වැස්සකදී එහි රැඳෙන ජල පරිමාවද වැඩිය. ආනතිය අඩු නම් වතුර බැසීම හෙමින් සිදු වේ. මේ හේතුවෙන් වැඩි ජල පරිමාවක් කාන්දුවීමෙන් විදුලි පද්ධතියට හානි වී විශාල විනාශයක් සිදුවීමටද ඉඩ තිබේ. අලංකාරය සහ තාක්ෂණය එකිනෙක ගැළපිය යුත්තේ ඒ නිසය.

නිසි දිගකින් යුතු වහලයක අගුවත් අලංකාරය ගෙන දෙනවා වාගේම ප්‍රයෝජනවත් තැනකි. නිවසේ පිටත බිත්ති සහ දොර ජනෙල් ආරක්ෂාවීමට මෙය වැදගත් වේ. වහලයේ අගුව කෙටිවීම නිවසේ පෙනුම අඩුවීමට හේතු වේ. මුදල් වියදම් කර අලංකාරය සඳහා වැඩි වහල ගණනක් යෙදුවත්, ඒවා එකිනෙකට ගෑවී ඇත්නම් ලස්සක නිමාවක් ලැබෙන්නේ නැත.

පඩි පෙළ නිවෙසට ආභරණයක් පඩිපෙල නිවසකට ආභරණයකි. එහෙත් මේ ආභරණය නිවසක් ලස්සන වෙන්න පලඳන්නේ අඩු පිරිසකි. වාස්තු විද්‍යානුකූලව පඩිපෙළේ දිශාව වාගේම නිවස තුළ එය ස්ථානගත කිරීමත් ඉතා වැදගත් වේ. පඩිපෙළ නිසා අනවශ්‍ය ඉඩකඩ ඇහිරී නොයන ආකාරයටත්, පඩිපෙළ යට ඇති අවකාශය උපරිමව ප්‍රයෝජනයට හැකිවන ආකාරයටත් තිබිය යුතුය. පඩිපෙළක් යට අනවශ්‍ය ගබඩා තිබීම හෝ අඳුරු ගුහාවක්වීම සුදුසු නැත.

හැඩ වැඩිකරන වැරැන්ඩාව වැරැන්ඩාව නිවසේ ලස්සන වැඩි කරන, ඕනෑම නිවෙසකට යොදන්න පු`ඵවන් අංගයකි. නිවෙසක පහළම වහලය බොහෝවිට වැරැන්ඩාවට හිමිය. එහෙත් ප්‍රමාණවත් උස මට්ටමක් මෙම වහලයේ අගුව කෙළවරට තිබිය යුතුය. එසේ නොවුනහොත් දොර ජනෙල් ආදියට ඉහළින් යොදන අලංකාරවත් ලී කැටයම් වහලයේ අගුව නිසා වැසී යාමට පු`ඵවන. එවිට නිවසේ හැඩය අලංකාරවත් ලෙස පිටතට නොපෙනේ.

දොර, ජනෙල් හුඟක් ඕනෑද? දොර ජනෙල් ද නිවසේ ලස්සන හා ආකර්ෂණය වැඩි කරයි. වාස්තු විද්‍යාවට අනුව මේවා සවිකරන ස්ථාන සහ දිශාවන් ගැනත් සැලකීම වැදගත් වේ. අලංකාරය ගැන සිතා වැඩි වශයෙන් විශාල ප්‍රමාණයේ ත්‍රුබජය අසබාදඅි හා ත්‍සං ඨක්ිැි යෙදීමද එතරම් ගැළපෙන්නේ නැත. ප්‍රයෝගිකව වුවත් එය තරමක් කරදරකාරී වන්නේ තද හිරු රශ්මියෙන් සහ වර්ෂාවෙන් මේවා ආරක්ෂා කර ගැනීමේදීය. එවැනි කරදරකාරී ස්ථානවලට දොර ජනෙල් යෙදීමේදී දැව නොවන ඇලුමිනියම් හෝ ඹඡඪක්‍ ආදියෙන් නිම කළ ඒවා යෙදීම සුදුසු වේ. ඒ වගේම ඒ සියලුම අවස්ථාවලදී වාස්තු විද්‍යාත්මක නියමයන් අනුගමනය කිරීමටද අමතක නොකළ යුතුය.


සටහන: නයනා උදයංගනී


 

 

 

 

 

 

 

 

 

 

Lapidary Art Exhibition Read Previous

Lapidary Art Exhibition

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර Read Next

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර

Realted Post

Leave a comment