ගර්භිණී සමයේ අපහසුතා මඟහරින Maternity Bra

 

මේ කාලයේ ඔබේ සිරුර නිතර වෙනස්කම්වලට ලක්වෙයි. ඒ නිසා ඔබ කලින් භාවිතා කළ ඒවා මේ කාලයේ ඔබට මදිවෙන්න පුළුවනි. එහෙත් මෙම මැටනිටි බ්‍රා බොහෝවිට නිපදවන්නේ අවශ්‍ය ප්‍රමාණයට ඇදෙන සුලු රෙදි වර්ගවලින් නිසා ඔබට කුමන අවදියක දී වුවත් මෙය භාවිතා කිරීම පහසුයි.

 

මවක් වීමට සූදානම් වන අවදියේදී වගේම මවක් වීමෙන් පසුවද කාන්තාවන්ට විවිධ ශාරීරික වෙනස්කම්වලට වගේම අපහසුතා රැසකට මුහුණ දීමට සිදු වේ. මේ කාලයේදී එම අපහසුතා මඳක් හෝ අඩුකර ගත හැකි ක්‍රම සොයාගැනීම ශාරීරිකව වගේම මානසිකවත් සහනයකි. විශේෂයෙන් මේ කාලයේ පපු ප්‍රදේශය තරමක් මහත්වීම, මාංසපේශී වේදනා ඇතිවීම වැනි අපහසුතාවලින් සැනසීමක් සඳහා ළඟ තිබිය යුතුම යට ඇඳුම් විලාසිතාවක් ලෙස මැටනිටි බ්‍රා Maternity Bra හැඳින්විය හැකිය. ඔබ මවක් හෝ මවක් වීමට සිටින කෙනෙක් නම් ඔබ ළඟ තිබිය යුතුම යට ඇඳුම් වර්ගයකි. සමහර කාන්තාවන් මේ පිළිබඳව දැන සිටියත් වැඩි දෙනෙකුට මේ පිළිබඳව තිබෙන්නේ අල්ප දැනුමක් නිසා සිරුරට සුවපහසුව ගෙනෙන යට ඇඳුම් විලාසිතාවක් වූ මැටිනිටි බ්‍රා ගැන කියන්නයි මේ සූදානම.  

 

මොනවද මේ මැටනිටි බ්‍රා
මෙම යට ඇඳුම් ඔබට තේරුම් ගැනීමට පහසුවීම සඳහා වර්ග හතරකට වෙන් කළ හැකියි.  එනම්, ඔබ මවක් වීමට සිටින අවදියේදී ඇඳිය හැකි බ්‍රා, කිරිදෙන කාලයේ භාවිතා කළ හැකි බ්‍රා, පම්ප් කිරීම සඳහා භාවිතා කළ හැකි බ්‍රා, කිරි දීමෙන් පසු කාලයේ භාවිතා කළ හැකි බ්‍රා වශයෙන් වෙන් කරගත හැකිය.  මේ කුමන අවදියේදී ඔබ මේ යට ඇඳුම තෝරාගත්තත් මූලිකවම අවධානය යොමු කළ යුතු වන්නේ පහසුව පිළිබඳවයි. ඔබ මවක් වීමට සිටින කාලයේදී ඔබේ පියයුරුවල ප්‍රමාණය හතර ගුණයකින් විශාලවීමට පුළුවන. සමහරුන්ගේ කිසිදු වෙනසක් සිදුනොවෙන අතර සමහරුන්ට විශාල වෙනසක් ඇති වේ.

 

එකිනෙකට වෙනස් වෙන්නේ ඇයි? 
මෙමඟින් ඔබට පහසුවෙන්ම දරුවාට කිරිදීමේ හැකියාව ඇතිවෙනවා. නිවෙසින් පිටතදී මෙය ඉතාමත් උපකාරීයී. සාමාන්‍ය බ්‍රා එකක් නම් ඔබට සම්පූර්ණයෙන් ගැලවීමට හෝ අපහසුවෙන් පහත්කිරීමට සිදුවෙයි. එහෙත් මේවා බොහෝවිට සාදා ඇත්තේ ක්ලිප් එකක් මඟින් ගැලවෙන ලෙසයි. ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් පහසුවෙන්ම කිරිදීමේ හැකියාව මෙමඟින් ලැබෙනවා. ඒවගේම ඔබ පම්ප් කරන කෙනෙක් නම් අත් භාවිතා නොකර පම්ප් රඳවා තබා ගැනීමේ හැකියාවත් මෙවැනි යට ඇඳුම්වල ඇති විශේෂ ලක්ෂණයක්.

 

 

ගතට ඉතා සුව පහසුයි 

මොරටුව විශ්වවිද්‍යාලයේ, 
විලාසිතා නිර්මාණවේදය හා 
නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ  උපාධිධාරිනී  
මිනෝලි රණසිංහ


මේවා නිපදවා ඇත්තේ ඉතාම සනීප රෙදි වර්ගවලින් ඒවගේම මෙම කාලයේ ඔබේ සම ඉතාම සංවේදී නිසා මේවාට භාවිතා කර ඇති ඉලාස්ටික් පවා මවකට පහසුවක් ඇතිවන ලෙස නිර්මාණය කර තිබෙනවා. මේවා නිපදවා තිබෙන්නේත් සංවේදිතාවන්වලට අනුකූලවන ලෙසයි. ඔබේ සාමාන්‍ය බ්‍රා එකකට වඩා උරාගැනීමේ හැකියාවක් ඇති රෙදි වර්ගවලින් නිපදවූ බ්‍රා වර්ගත් ඔබට වෙළෙඳපොළෙන් මිලදීගත හැකි වේ. ඒවගේම කොන්දේ අමාරු, සිහින් පටි නිසා ඇතිවන අපහසුතා වැනි දෑ අවම වන ලෙස මේවාට උරපටි යොදා තිබේ. 

මේ කාලයේ ඔබේ සිරුර නිතර වෙනස්කම්වලට ලක්වෙයි. ඒ නිසා ඔබ කලින් භාවිතා කළ ඒවා මේ කාලයේ ඔබට කුඩාවෙන්න පුළුවනි. එහෙත් මෙම මැටනිටි බ්‍රා බොහෝවිට නිපදවන්නේ අවශ්‍ය ප්‍රමාණයට ඇදෙන සුලු රෙදි වර්ගවලින් නිසා ඔබට කුමන අවදියක දී වුවත් මෙය භාවිතා කරන්න පහසු වෙනවා.


ඔබ සතුව හොඳ උසස් තත්ත්වයේ එක් බ්‍රා එකක් තිබුණත් ඔබට එය ගමනකට, නිදාගැනීමට වගේම නිවසේදී වුවත් ඇඳගෙන සිටීමට පුළුවනි. එහෙත් ගර්භිණී සමයේ එකිනෙකාගේ සිරුරුවල සිදුවන වෙනස්කම් නිසා ඔබට විවිධ වර්ගයේ බ්‍රා අවශ්‍ය විය හැකියි. ඒ නිසා ඔබේ සුවපහසුව සඳහා ඒ ගැන දැන්වත්වීම වැදගත් වේවි.

නයනා උදයංගනී

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය Read Previous

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා  නස්රීන් Read Next

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා නස්රීන්

Realted Post

Leave a comment