යශෝදරාවක් වන්න ඔවදනක්

බුදුරජාණන් වහන්සේගේ තෙමගුල අර්ථවත් කරමින් සමරනු ලබන වෙසක් පොහෝදින සැදැහැ සිතින් සමරන්නට බොහෝ දෙනෙකු සූදානමින් සිටිති. ඒ සම්බන්දයෙන් හඟුරන්කෙත විමලරතන ස්වාමීන් වහන්සේ සිරිකත Online සමඟ දැක්වූ අදහස් මෙසේයි.

ඔසරියෙන් හැඩ වුණු අතීත ලාංකේය කාන්තාව සිංහල සංස්කෘතියේ සෑම ස්ථරයක්ම නියෝජනය කරමින් මා හැඟි මෙහෙවරක නිරත වෙමින් සිටීයි. එම නිසාවෙන් නිවසක සෞභාග්‍යය බවට පත්වුණේ කාන්තාවයි. වර්තමාන සමාජ කාන්තාව තුළින් මෙය නිරූපණය වේද යන්න ගැටළුවකි.

මන්ද ඇයගේ චරියා පද්දතියට කණ කොකා හඩා ඇත. එහි මූලාරම්භය ලෙස මෙරට යටත් විජිතකරණය සමය එනම් බ්‍රිතාන්‍ය පාලන සමය පෙන්වාදිය හැකිය. බොදු උරුමයන් සමඟ ගොඩනැගුණු සදාචාරසම්පන්න වූ චර්‍යා පද්දතියකින් හෙබි මෙරට සංස්කෘතිය වල් වැදී,සංකර විය.

කාන්තාවගේ ආභරණය වූ රේන්දය හැට්ටය උනා දමා බටහිර,ගැති සංකර කඩමළු අඳින්නට කාන්තාව හුරු විය.ඇයගේ ඇදුම වල් වැදී වැනසී යනවිට සදාචාර සම්පන්න කාන්තාවගේ සුරූපී ශරීරය ගොම මැටි වැනි නූතන විලාසිතාවන්ගෙන් හැඩවන්නට විය.වඳුරට,දැලි පිහිනය යම් සේද මෙරට කාන්තාවන්ටද එම,සංස්කෘතිය මැජික් එකක් විය. එහි ප්‍රතිඵලය නම් අද වනවිට මව සහා දුව හදුනා ගත නොහකි තත්ත්වයක් උදාවීමයි.

මෙය විය යුත්තක් නොවේ. පරගැත්තන්ගේ දුස්සීල චාර්‍යා පද්ධතීන් බෞද්ධ දර්ශනයෙන් හැඩවූ මෙරට සංස්කෘතියට, ගැළපෙන්නේ නැත. එසේම ලාංකාවේ කාන්තාව යනු කුටුම්බයේ සරස්වතියයි. එමනිසා අනුනට,ගැතිකම් නොකොට කාලීන සමාජයට, අනුගත වෙමින් , කාන්තාවගේ යුතුකම් හදුනාගෙන, කටයුතු කළ යුතුය.

ළමා විය,තරුණ විය,මවගේ භූමීකාව සහ සමාජ කාන්තාව වශයෙන් තමාගේ පසුබිමට,ගැළපෙන පරිදි හැසිරිය යුතුය. මවගේ භුමිකාවේදී තරුණියගේ භූමිකාව හෝ තරුණියක්ගේ භූමිකාවේදී මවගේ භූමිකාව රඟ නොදැක්විය යුතුය.

සියල්ල,මැනවින් තේරුම්ගත යුතුය. තවත් පිරිසක් අනාගතය වෙනුවෙන් ඔබෙන් ඔවදන් ලබා ගන්නට බලා සිටින බව දැන කටයුතු කළයුතුය. ඔබ කාන්තාවකි. එය තරයේ මතක තබා ගන්න.

එසේම භාරතීය සමාජයේ දී කාන්තාවට බමුණන් විසින් පන්න පන්නා පහර දෙන විට ,කාන්තාවගේ යථා ස්වභාවය මනාව හැදින ගත් බුදුරජාණන් වහන්සේ මෙ ලොව උපන් මනුස්සයෙක් විදියට ළගා කරගත,හැකි වූ උත්තරීතර තත්වය වූ භික්ෂූත්වය පවා කාන්තාවට අනුදක්නා වදාළේ සහා සිගාලෝවද, වසල ,පරාභව ආදී සියලු ත්‍රිපිටකාගත සූත්‍ර දේශනා තුළදී කාන්තාවට මූලිකත්වය දෙමින් ධර්ම කාරණා විග්‍රහා කළෙ කාන්තාව සමාජීය වශයෙන් මහත් වූ මෙහෙවරක් කරනා තැනැත්තියක් සහා උත්තරීතර තත්වයට පත්විය හැකි තැනැත්තියක් නිසාය.

ස්ත්‍රිය නම් මෙලොව වූ සජීවී එකම යන්ත්‍රෝපකරණයයි. ඇය දරුවන් වදන්නීය. තම ශරීරයේ වූ රක්ත වූ ලේ ධාතුව සුදු කිරි බවට පත් කොට දරුවන් පෝෂණය කරන්නීය. නූතන විද්‍යාව කෙතරම් දියුණු වුවද,මවගේ කාර්‍යය ඉටු කිරීමට මෙවළමක් සකස් කිරීමට හැකියාවක් ලැබී නැත.

එසේ හෙයින් කාන්තාව,යනු සුවිශේෂී චරිතයකි. එය නූතන සමාජයේ අර්ථ විවරණය කරන්නේ වෙනත් කාරණා මුල්කොට ගෙනය. එය එසේ වීමට ඉඩ නොදී කාන්තාවගේ සැබෑ ප්‍රතිරූපය සමාජයට ලබා දිය යුතුය.එවිට කාන්තාව සමාජ සුරක්ෂිතතාවයේ ප්‍රතිමූර්තිය වනු නොවනුමානයි.

ගෙදරින් පිට එක දවසක් හෝ රැඳුන කාන්තාව නැවත ගෙට ගන්නේ නැත. එය අතීතයේ පමණක් නොව අදට ද වලංගුය. එසේනම් ඔබ දෙස බොහෝ නෙත් ප්‍රමාණයක් හැරවී ඇත. ඒ සියල්ලම තේරුම්ගෙන ඔබ කටයුතු කළයුතු ය. එවිට ඔබ තවත් යශෝදරාවක් වනු ඇත.

සටහන - නෙත්මි තෂාරා

චමරි ක්‍රිකට් වාර් තා අලුත් කරයි Read Previous

චමරි ක්‍රිකට් වාර් තා අලුත් කරයි

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක් Read Next

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක්

Realted Post

Leave a comment