දඟකාරියන්ට කදිම ගවුමක්

හැඩට අඳින්න කැමති තරුණියන්ට දඟකාර පෙනුමක් ලබාදෙන ලස්සන ගවුම් විලාසිතාවක් මහලා දෙන්නයි අපි මේ සුදානම් වෙන්නෙ.

අවශ්‍ය මිනුම්
උරහිස
පපුව වට
ඉණ වට
ඉණ දක්වා උස
සාය උස

කඳ කොටස ඇඳගැනීම හා කපා ගැනීම
හතරෙන් බෙදා අඟලක් එකතු කරගත් පපුව වට මිම්මට රෙද්ද නවාගන්න. අඟල්  1 1/2 එකතු කරගත් ඉණ දක්වා උසට එහි උස සකසාගත් තිරස් රේඛාවේ දෙකට බෙදාගන්න. උරහිස මිම්ම ලකුණු කර කෙළවරින් අඟල් 1 1/2ක් පහත් කර උරහිස් රේඛාව ඇඳගන්න.
රූපසටහනේ පෙන්වා ඇති මිමිවලට අනුව කර හා කිහිලි කට ඇඳගන්න. හතරට බෙදා අඟල් 1 1/2 ක් එකතු කරගත් අගයට ඉණ වට රේඛාව ලකුණු කර කිහිලි කට හා ඉණ රේඛාව යාකර ඇඳගන්න. උරපටිය අඟල් පහක් දිගට හෝ අඟල් හතරක් සිටින සේ මසාගන්න.
සාය කොටස
ඉහත මැනගත් ඉණ වට මිම්ම මෙන් දෙගුණයක් රෙද්දේ පළල සකසා අවශ්‍ය උසට කොටස් දෙකක් කපාගන්න.
මසන ආකාරය
කරට පේසින් තබා උරපටි දෙක මසා කඳ කොටස මසාගන්න. ඉන්පසු සාය කොටස අවශ්‍ය ප්‍රමාණයට රැලිකර කඳ කොටසට තබා මසාගන්න. අංශය මසා වාටිය ද මසාගෙන ඇඳුම සම්පූර්ණ කරගන්න.

හිටපු ජනපති මහින්ද මහනුවරට Read Previous

හිටපු ජනපති මහින්ද මහනුවරට

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න. Read Next

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න.

Realted Post

Leave a comment