විසිත්ත කාමරයට මල් පොකුරක්

නිවසේ  විසිත්ත කාමරයේ බිත්තියට අලංකාර මල් පොකුරක් බිත්ති සැරසිල්ලක් විදිහට කතිර මැහුම් ක්‍රමයෙන් නිර්මාණය කරගන්නේ මෙහෙමයි. 

  • අවශ්‍ය ද්‍රව්‍ය                                                                 
අයිඩා රෙදි
ටැපෑස්ට්‍රි ඉදිකටුවක්
එම්බ්‍රොයිඩර් රාමුවක්
කතුරක්
නිර්මාණයට අවශ්‍ය වර්ණ නූල්
  • නිර්මාණය සාදාගන්නා ආකාරය                                    
බිත්ති සැරසිල්ලක් විදිහට අලංකාර කතිර මැහුම් මෝස්තරයක් කිරීමේදී වඩාත් උචිත අඟලට 10ක් සහ අඟලට කොටු 16ක් සහිත අයිඩා රෙදි වර්ගයයි. අඟලට කොටු 10ක් ඇති අයිඩා රෙදි තෝරාගන්නේ නම් කැරලි නූල් පොටවල් හතරක් භාවිත කළ යුතුයි. අඟලට කොටු 16ක් ඇති අයිඩා රෙදි භාවිත කරනවා නම් නූල් පොටවල් දෙකක් භාවිත කිරීම ප්‍රමාණවත් වෙයි. 
ඔබ නිර්මාණය කරන බිත්ති සැරසිලි රාමු කිරීමට අවශ්‍ය නම් නිර්මාණය ආරම්භ කිරීමට පෙර රාමු කිරීම සඳහා නිර්මාණය වටා රෙදි කැබැල්ලේ ඉඩ ඉතිරි කර ගැනීමට අමතක නොකළ යුතුයි. ඒ සඳහා නිර්මාණය හතර පැත්තෙන්ම අඟල් දෙක බැගින් හෝ අඟල් තුන බැගින් ඉඩ තබා කපාගන්න. මීළඟට නිර්මාණයට අවශ්‍ය රෙදි සහ නූල් තෝරා ගැනීමෙන් පසුව නිර්මාණය කරන රූපය ඉස්මතු කර ගැනීමට මුලින්ම පින්තූරය වටා කොටු ගණන් කර නූල් ඇදගන්න. එවිට මසා ගැනීම පහසුවෙයි.
ඉන්පසු රූපය පෙන්වා දී ඇති සංකේතවලට අනුව කැරලි නූල් භාවිතයෙන් නිර්මාණයේ මැද සිට මසා ගැනීම ආරම්භ කරන්න. නිර්මාණයේ හැඩය මතුකර ගැනීම සඳහා අවශ්‍ය ස්ථානවලට කතිර භාග මැහුම් භාවිතා කරන්න.

සංකේත සඳහා නූල් වලට හිමි අංක

A - 970   B - 63    C - 1088    D -  87   E - 297
F - 271    G - 860  I  -19   J - 897  K - 349  L - 85

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Previous

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම් Read Next

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම්

Realted Post

Leave a comment