Tom & Jerry

කවුරුත් කැමති ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් චරිත දෙක කතිර මැස්මකට ගනිමුද? පොඩිත්තාගේ කාමරයට වගේම දරුවාගේ  ස්ටඩී රූම් එකටත් මේ නිර්මාණය කදිමයි. 

  • අවශ්‍ය ද්‍රව්‍ය

  • අයිඩා රෙදි
  • ටැපෑස්ට්‍රි ඉදිකටුවක්
  • එම්බ්‍රොයිඩර් රාමුවක්
  • කතුරක්
  • නිර්මාණයට අවශ්‍ය වර්ණ නූල්
  • නිර්මාණය කරන අයුරු 

බිත්ති සැරසිල්ලක් විදිහට අලංකාර කතිර මැහුම් මෝස්තරයක් කිරීමේදී වඩාත් උචිත අඟලට 10ක් සහ අඟලට කොටු 16ක් සහිත අයිඩා රෙදි වර්ගයයි. අඟලට කොටු 10ක් ඇති අයිඩා රෙදි තෝරාගන්නේ නම් කැරලි නූල් පොටවල් හතරක් භාවිත කළ යුතුයි. අඟලට කොටු 16ක් ඇති අයිඩා රෙදි භාවිත කරනවා නම් නූල් පොටවල් දෙකක් භාවිත කිරීම ප්‍රමාණවත් වෙයි. 
ඔබ නිර්මාණය කරන බිත්ති සැරසිල්ල  රාමු කිරීමට අවශ්‍ය නම් නිර්මාණය ආරම්භ කිරීමට පෙර රාමු කිරීම සඳහා නිර්මාණය වටා රෙදි කැබැල්ලේ ඉඩ ඉතිරි කර ගැනීමට අමතක නොකළ යුතුයි. ඒ සඳහා නිර්මාණය හතර පැත්තෙන්ම අඟල් දෙක බැගින් හෝ අඟල් තුන බැගින් ඉඩ තබා කපාගන්න. මීළඟට නිර්මාණයට අවශ්‍ය රෙදි සහ නූල් තෝරා ගැනීමෙන් පසුව නිර්මාණය කරන රූපය ඉස්මතු කර ගැනීමට මුලින්ම පින්තූරය වටා කොටු ගණන් කර නූල් ඇදගන්න. එවිට මසා ගැනීම පහසු ය. 
ඉන්පසු රූපයේ පෙන්වා දී ඇති සංකේතවලට අනුව කැරලි නූල් භාවිතයෙන් නිර්මාණයේ මැද සිට මසා ගැනීම ආරම්භ කරන්න.නිර්මාණයේ හැඩය මතුකර ගැනීම සඳහා අවශ්‍ය ස්ථානවලට කතිර භාග මැහුම් භාවිත කරන්න.

  • සංකේත සඳහා නූල්වලට හිමි අංක

  • A -  973
  • B -  972
  • C - 740
  • D -  3326
  • E -  414 
  • F -   833
  • G -  924
  • I -    762
  • J -   352
  • K -   444
  • L -   168
  • M -  738
  • N -   606
  • P -   151
  • Q – 335
  • R - 782

 

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Previous

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට Read Next

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට

Realted Post

Leave a comment