එයාලා නැති වුණාම අපි විදවනවා. වැඩිම කාලයක් ජීවත් වන බව්වන් කවුද බලමු

සුනඛයෙකු යනු සුරතලෙකු පමණක් නොව, බොහෝ දෙනාගේ පවුලේ සාමාජිකයෙකු වැනි ආදරණීය මිතුරෙකි. එනිසාම ඒ අහිමිවීම් දරාගත නොහැකිව අපි කොපමණකට විදවනවද ?

එහෙත් සෑම සුනඛ වර්ගයකටම එකම ආයු කාලයක් නොමැත. නිසි ආහාර, ව්‍යායාම, සෞඛ්‍ය පරීක්ෂණ සහ ආදරය ලැබෙන විට ඇතැම් සුනඛ වර්ග වසර 15කට ආසන්න කාලයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් විය හැක.

දිගු කාලයක් ඔබ සමඟ සිටින සුනඛ මිතුරන් කිහිප දෙනෙකු මෙන්න. 

චිහුවාහුවා (Chihuahua), සාමාන්‍ය ආයු කාලය, අවුරුදු 14–17. ලෝකයේ කුඩාම සුනඛ වර්ග අතරින් එකක් වන චිහුවාහුවා කුඩා ශරීරයකට විශාල පෞරුෂයක් හිමි සුනඛයෙකි. ඔවුන් තරමක් ආරක්ෂාකාරී ස්වභාවයක් ඇති අතර තම හිමිකරුවන්ට ඉතා පක්ෂපාතී වේ. කුඩා නිවාස සහ නගර ජීවිතයට ඉතා සුදුසු මෙම සුනඛයන් තම පවුල සමඟ දැඩි බැඳීමක් ඇති කරගනී.

ඩැච්ෂුන්ඩ් (Dachshund) - සාමාන්‍ය ආයු කාලය: අවුරුදු 12–16, සොසේජ් බල්ලා ලෙස ජනප්‍රිය ඩැච්ෂුන්ඩ්ගේ දිගු සිරුර සහ කෙටි පාද ඔවුන්ගේ විශේෂ ලක්ෂණ වේ. කුඩා වුවද ඉතා ක්‍රියාශීලී මෙම සුනඛයන්ට නිතිපතා ව්‍යායාම අවශ්‍ය වේ. නිසි බර පවත්වාගෙන ගියහොත් ඔවුන් දිගු කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වේ.

ටොයි පූඩල් (Toy Poodle) සාමාන්‍ය ආයු කාලය අවුරුදු 14–16, ටොයි පූඩල් යනු ඉතා බුද්ධිමත් සහ ඉක්මනින් පුහුණු කළ හැකි සුනඛ වර්ගයකි. 
ඔවුන්ගේ ලොම් ආසාත්මිකතා ඇති පුද්ගලයන්ට සාපේක්ෂව පහසු විය හැකි අතර, පවුල් ජීවිතයට හොඳින් ගැළපේ. සෙල්ලක්කාර සහ මිත්‍රශීලී ස්වභාවය නිසා ඔවුන් ජනප්‍රිය සුරතල් සතුන් වේ.

ජැක් රසල් ටෙරියර් (Jack Russell Terrier) සාමාන්‍ය ආයු කාලය අවුරුදු 13–16, ජැක් රසල් ටෙරියර් යනු අධික ශක්තියක් සහ නිර්භීත ස්වභාවයක් ඇති සුනඛයෙකි. ක්‍රියාශීලී පවුල් සඳහා ඔවුන් හොඳ සහකරුවන් වේ. දිනපතා ක්‍රීඩා සහ ව්‍යායාම ලබාදීමෙන් ඔවුන් සතුටින් සහ සෞඛ්‍ය සම්පන්නව සිටී.

ශිහ් ට්සු (Shih Tzu) සාමාන්‍ය ආයු කාලය අවුරුදු 12–16, චීනයේ රාජකීය පවුල් සඳහා සුරතල් සතුන් ලෙස ඇති කළ ශිහ් ට්සු ඉතා ආදරණීය සහ මෘදු ස්වභාවයක් ඇති සුනඛ වර්ගයකි. ඔවුන් මිනිස් ඇසුරට කැමති අතර, නිසි ලොම් රැකවරණයක් සහ සෞඛ්‍ය පාලනයක් ලබාදීම වැදගත් වේ.

බීගල් (Beagle) සාමාන්‍ය ආයු කාලය අවුරුදු 12–15, බීගල් සුනඛයන් සතුටුදායක සහ පක්ෂපාතී ස්වභාවයක් සඳහා ප්‍රසිද්ධය.

දඩයම් ඉතිහාසයක් ඇති නිසා ඔවුන් සොයා බැලීමට සහ ක්‍රියාශීලීව සිටීමට කැමතියි. දරුවන් සහ අනෙකුත් සුරතල් සතුන් සමඟ හොඳින් හැසිරෙන බැවින් පවුල් සඳහා සුදුසුය.

මෝල්ටීස් (Maltese) සාමාන්‍ය ආයු කාලය අවුරුදු 12–15, මෘදු ලොම් සහ ආකර්ෂණීය පෙනුමක් ඇති මෝල්ටීස් සුනඛයන් ඉතා ආදරණීය සහ මිනිස් ඇසුරට කැමති සතුන් වේ. කුඩා නිවාසවල ජීවත් වන පවුල් සඳහා ඔවුන් හොඳ තේරීමක් වේ.

යෝක්ෂයර් ටෙරියර් (Yorkshire Terrier) සාමාන්‍ය ආයු කාලය: අවුරුදු 13–16, "යෝර්කි” ලෙස ජනප්‍රිය යෝක්ෂයර් ටෙරියර් කුඩා වුවද විශාල පෞරුෂයක් ඇති සුනඛයෙකි. නිසි ලොම් රැකවරණයක් සහ ආදරය ලබාදීමෙන් ඔවුන් දිගු කාලයක් සතුටින් ජීවත් වේ. චිහුවාහුවා, ටොයි පූඩල් සහ යෝක්ෂයර් ටෙරියර් වැනි කුඩා සුනඛ වර්ග සාමාන්‍යයෙන් දිගු ආයු කාලයක් ඇති බව සැලකුවද, අවසානයේ වැදගත් වන්නේ ඔවුන් අප සමඟ ගත කරන කාලයේ ලබාදෙන ආදරය සහ සතුටයි.

 නිතර අසන ප්‍රශ්න

වැඩිම කාලයක් ජීවත් වන සුනඛ වර්ගය කුමක්ද?
ඔස්ට්‍රේලියානු කැටල් ඩෝග් (Australian Cattle Dog) වැනි වර්ග අවුරුදු 12–16 අතර දිගු ආයු කාලයක් සඳහා ප්‍රසිද්ධය.

අඩු සෞඛ්‍ය ගැටලු ඇති සුනඛ වර්ග මොනවාද?
ඔස්ට්‍රේලියානු කැටල් ඩෝග්, පූඩල්, බීගල්, චිහුවාහුවා සහ සයිබීරියානු හස්කි වැනි වර්ග සාපේක්ෂව හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සඳහා ප්‍රසිද්ධය.

තනිව ජීවත් වන පුද්ගලයෙකුට සුදුසු සුනඛයෙකු කුමක්ද?
ජර්මන් ෂෙපර්ඩ් වැනි පක්ෂපාතී සහ ආරක්ෂාකාරී සුනඛයන් හොඳ සහකරුවන් විය හැක.

ඉක්මනින් පුහුණු කළ හැකි සුනඛ වර්ග මොනවාද?
බෝඩර් කොලි, ගෝල්ඩන් රිට්‍රීවර් සහ පූඩල් වැනි වර්ග බුද්ධිමත් සහ පුහුණු කිරීමට පහසු සුනඛයන් ලෙස සැලකේ.

අශන්ති වරුණසූරිය - msn ඇසුරින් 

දවල්ට ගෙදරින් හදන ගිහින් මෙහෙම කමු - Lunchbox ideas Read Previous

දවල්ට ගෙදරින් හදන ගිහින් මෙහෙම කමු - Lunchbox ideas

දවල්ට ගෙදරින් හදන ගිහින් මෙහෙම කමු - Lunchbox ideas Read Next

දවල්ට ගෙදරින් හදන ගිහින් මෙහෙම කමු - Lunchbox ideas

Realted Post

Leave a comment