නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිටම කරගෙන යාමට රැකියා ලබාදෙන බව පවසා කාන්තාවන්ගෙන් මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස දහවෙනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ මහත්මිය පසුගිය 1 වැනිදා නියෝග කළාය. ඉංගිරිය ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළ අවස්ථාවකදී, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ හමුදා නිලධාරියෙකු සහ මෙම වංචාවට සම්බන්ධ බව කියන බෙලිඅත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස රිමාන්ඩ් ගත කරනු ලැබිණි.

මෙසේ රිමාන්ඩ් ගත කරනු ලැබුවේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි කංකානමගේ සමන් වසන්ත කුමාර නමැති පුද්ගලයකු සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කරන කංකානමගේ දිලාන් බුද්ධික නමැති ගුවන් හමුදා නිලධාරියෙකි. මෙම පුද්ගලයන් දෙදෙනා කාලයක් තිස්සේම විවිධ පුද්ගලයන් සහ කාන්තාවන් රවටා, නිවසේ සිටම කරගෙන යාමට රැකියා ලබා දෙන බව පවසමින් මුදල් තම ගිණුම්වලට බැර කරවාගෙන ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් පුළුල් විමර්ශන සිදු කිරීමට නියමිත බව ද අධිකරණයේදී අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපති දර්ශන කොල්ලුරේ මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් රාමනායක නිලධාරියා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලද අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රසාද් (54542), මදුවන්ත (202258) සහ කාන්තා පොලිස් කොස්තාපල් (10913) යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.


උපුටා ගැනීම
ලංකාදීප පුවත්පත

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Previous

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා Read Next

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

Realted Post

Leave a comment