මම වැටුණු තැන නතර වෙන කෙනෙක් නෙවෙයි

දක්ෂ, සරාගී නිරූපණ ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමාජ මාධ්‍යවල නිතර  කතාබහට ලක්වන චරිතයක්. අපි ඇයත් සමග කතාබහක නියැළුණේ ඇය නැවතත් සංගීත ක්ෂේත‍්‍රයට එන බවට ලැබුණු ආරංචියත් සමගයි. 

කොහොමද හසිනි ජීවිතේ?

මේ දවස්වල හරිම සුන්දරයි

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

හුඟක් කාර්යබහුලයිග නිරූපණ ක්ෂේත‍්‍රයේ වැඩ ගොඩකට දායක වෙනවා.

පුතත් එක්ක ගෙවන ජීවිතය මොන වගේද?

බබත් එක්ක ගෙවන ජීවිතය හරිම සුන්දරයිග බබත් එක්ක කාලය ගත කරන කොට හරිම විනෝදෙන් ඉන්නවාග කාලය ගෙවෙනවා දැනෙන්නෙම නැහැ.

අම්මා කෙනෙකුගෙ වගකීම කොහොමද ඔබට දැනෙන්නෙ?

අම්මා කෙනෙක් වෙනවා කියන්නෙ ම වගකීම් වැඩිවෙනවා. නමුත් මම ඒ වගකීම භාරගන්නේ අභියෝගයක් විදියටග මට අවශ්‍ය මගේ පුතාට හොඳ අම්මා කෙනෙක් වෙන්න. ඉතින් ඒ වගකීම බරක් විදියට මම දකින්නේ නැහැ.  මම ගොඩක්ම වගකීමෙන් වැඩ කරනවා මගේ දරුවා වෙනුවෙන්ග මට පුළුවන් උපරිමයෙන් මගේ දරුවට හොඳ අම්මා කෙනෙක් වෙනවා. 

බබාගෙ වැඩත් එක්ක කොහොමද හැම දෙයක්ම සමබරව කරගන්නේ?

මම කිසිම දවසක මගේ වෘත්තිමය ජීවිතයේ  වැඩකටයුතු සහ මගේ පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතු පටලවාගන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසාම හැම දෙයක්ම සමබරව කරන එක මට පහසුයිග මොකද නිරූපණ ශිල්පිනියක් වුණාට ගෙදරදි මම මගේ දරුවාට අම්මා. ඒ නිසා මට මගේ ජීවිතයේ වැඩ කටයුතු සමබරව කරන එක පහසුයි. ඒකත් මම අභියෝගයක් විදියට තමයි භාරගන්නෙ.

දරුවගෙ කටයුතුවලට කවුද උදව්වට ඉන්නේ?

බබාගෙ වැඩවලට ගොඩක්ම උදව් කරන්නෙ මගෙ අම්මා. මට තේරෙන්නෙ නැහැ ඒකට  මගේ අම්මට මම කොහොමද ස්තූති කරන්න  ඕන කියලා. මට මගේ අම්මව දැනෙන්නේ මිහිපිට ඉන්න දෙවඟනක් වගේ ඇත්තටම කිව්වොත් හසිනි සැමුවෙල් කියන කෙනා මේ ක්ෂේත‍්‍රයේ අදටත් රැඳෙන්නේල මොන ප‍්‍රශ්න ආවත් වැටෙන්නෙ නැතිව ශක්තිමත්ව ජීවත් වෙන්නේල මගේ අම්මා නිසයි. මගේ අම්මත් හුඟක් ශක්තිමත් කාන්තාවක්. 

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

හුඟක් ප‍්‍රශ්න මධ්‍යයේ තමයි මම මගේ ගමන ආවේ. ඒ නිසා මට මං ගැන ගොඩක් සතුටුයි. මම කවදාවත් වැටුණට වැටුණු තැන නතර වුණේ නැහැ. මම ඒ හැම තැනකින්ම නැගිටලා කලින්ටත් වඩා ශක්තිමත්ව ඉස්සරහට ආවා. 

හසිනි නිරූපණයට වැඩි ඉඩක් වෙන් කරලද තියෙන්නේ?

ඔව්ල අනිවාර්යයෙන්ම නිරූපණ ක්ෂේත‍්‍රය මගේ ජීවිතය හා සමානයි. මම මගේ ජීවිතයේ වැඩිම කාලයක් වැය කරන්නේ මගේ වෘත්තිය වෙනුවෙන්, ඒ දේ මම කවදාවත්ම අත් හරින්නෙ නැහැ. 

හසිනි අලූත් වැඩකට අත ගැහුවා කියල ආරංචියි?

ඔව්... ඇත්තටම සංගීතය පැත්තෙන් වැඩ නවත්තලා තිබුණේ. අවුරුදු පහක් විතර සංගීත ක්ෂේත‍්‍රයේ කිසිම වැඩක් කළේ නැහැ. ආයෙමත් සංගීත  වැඩවලට එකතු වෙන්න ගොඩක්ම මට සහයෝගය දැක්වූයේ විනෝෂ්. මේ වෙලාවේ මම අනිවාර්යයෙන්ම විනෝෂ්ව මතක් කරන්න  ඕනෑ. ඉස්සරහට හසිනි සැමුවෙල්ගේ ගීත නිර්මාණත් දකින්න ලැබෙයි කියල මම හිතනවා.

හසිනි ගැන මැවෙන ගොසිප් නතර වෙලා නේද?

ගොසිප් නතර වෙලා නැහැග මිනිස්සු හුඟක් දුරට තේරුම් අරන් තියෙනවා ගොසිප් කියන්නේ බොරු කටකතා කියන එකග ඉතින් ඒ නිසා දැන් මැවෙන ගොසිප් මිනිස්සු උලූප්පලා පෙන්නන්නේ නැහැ.

මොනවද අනාගත සැලසුම්?

නිරූපණ ශිල්පිනියක් විදියට සාර්ථකව වැඩ කරන්න සහ සංගීතය පැත්තෙන් මට පුළුවන් උපරිමය කරන්න තමයි එකම අනාගත බලාපොරොත්තුව. 

සටහන - කසුනි නිමල්කා විජේසිංහ 

ඡායාරූප - තමෝද් නාකන්දල

 

 

 

 

 

 

 

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025 Read Previous

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා Read Next

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා

Realted Post

Leave a comment