මහා කුම්භාභිශේක මංගල්‍යය

වසර  51කට පසු යාපනයේ  පැවැත් වූ  මහා කුම්භාභිශේක මංගල්‍යය

ඓතිහාසික මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිලේ වසර 51කට පසුව පැවැතුවුණු මහා කුම්භාභිශේක මංගල්‍යයට  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (11) පෙරවරුවේ  සහභාගී විය. 

ස්කන්ධ කුමාර දෙවියන්ගේ පාද ස්පර්ශය ලැබූවා යැයි සැලකෙන   මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිල යාපනය ජනතාවගේ අභිමානය විදහාපාන මනරම්  සිද්ධස්ථානයකි.  

ආගමික හා සංස්කෘතික විවිධත්වයෙන් යුත් රටක් ලෙස සමෘද්ධිමත් ඒකීය රටක ආගමික හා සංස්කෘතික නිදහස තහවුරු කරමින් කිසිදු පීඩාවකින් තොරව ජනතාවගේ අධ්‍යාත්මික වර්ධනය උදෙසා  මෙවන් සුවිශේෂී ස්ථාන රැක ගැනීම අප සැමගේ වගකීමක් බවත්,  උතුරේත් දකුණේත් සංස්කෘතික හර පද්ධතීන්  එක ලෙස රැකගැනීමේ වගකීම කිසි විටෙක අමතක නොකරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.  

ඓතිහාසික මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිලේ රාජ රාජ ශ්‍රී රත්න සභාපති කුරුක්කල්තුමා , මහා රාජ රාජ ශ්‍රී ඤාණ ස්කන්ධ කුරුක්කල්තුමා සහ   දර්ශන සිවසුම කලානිදි වෛද්‍යසු කුරුක්කල් ඇතුළුව මහා කුම්භාභිශේක මංගල්‍ය වෙනුවෙන් සම්බන්ධ වූ දෙස් විදෙස් කුරුක්කල්තුමන්ලා විසින් අග්‍රාමාත්‍යතුමියට මෙහිදී  ආශිර්වාද සිදු  කළේය.

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි Read Previous

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව Read Next

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව

Realted Post

Leave a comment