වයසට ගියත් තරුණ ජවයෙන් ජීවත් වන අයගේ රහස

වයස අවුරුදු 60ක් සම්පූර්ණ වූ ඇතැම් පුද්ගලයන් තවමත් අවුරුදු 40ක තරුණයකුට සමාන ජවයකින්, ශක්තියකින් සහ ක්‍රියාශීලී බවකින් ජීවත් වෙති. එහෙත් තවත් සමහරු වයස අවුරුදු 30 හෝ 40 වන විටත් අධික තෙහෙට්ටුව, ශරීරයේ දුර්වලතාව සහ සුවය ලැබීමේ ප්‍රමාදය වැනි ගැටලුවලට මුහුණ දෙති.

එසේ වීමට හේතුව කුමක්ද? වයසට යාම පමණක් නොව, ශරීරය තුළ සිදුවන සෛලීය අලුත්වැඩියා ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ද ඊට බලපාන බව පෙන්වා දෙයි.

බොහෝ දෙනා තෙහෙට්ටුව සලකන්නේ බැංකුවකින් ලබාගත් ණයක් ආපසු ගෙවීමක් ලෙසය. එනම්, ශරීරයෙන් වැය කළ ශක්තියට සමාන කාලයක් විවේක ගැනීමෙන් නැවත එම ශක්තිය ලබාගත හැකි යැයි ඔවුහු සිතති. නමුත් එම අදහසෙහි වැදගත් අඩුපාඩුවක් තිබේ.

විවේක ගැනීමෙන් ශරීරයට යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය කාලය ලැබුණද, සැබෑ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ ශරීරයේ සෛල මඟිනි.

එබැවින් ප්‍රමාණවත් විවේකයක් ලබාගත් පසුවත් තෙහෙට්ටුව පහව නොයන්නේ නම්, එම කාලය තුළ ශරීරයේ සෛලීය අලුත්වැඩියා ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම ඊට එක් හේතුවක් විය හැකිය.

ශරීරයේ සෛල නිසි පරිදි අලුත්වැඩියා වීමෙන් ශක්තිය නිපදවන සහ ශරීරය පුරා බෙදාහරින පද්ධතිවල ක්‍රියාකාරීත්වය පවත්වාගත හැකිය. එමඟින් ශරීරයට නැවතත් අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට හැකි වේ.

එහෙත් මෙම ක්‍රියාවලිය අඩපණ වූ විට විවේකයෙන් පසුවත් තෙහෙට්ටුව පහව නොයන තත්ත්වයක් ඇතිවිය හැකිය. එය ශරීරයේ යථා තත්ත්වයට පත්වීමේ ස්වාභාවික ක්‍රියාවලියේ ගැටලුවක් ඇති බවට සංඥාවක් විය හැකිය.

මෙහිදී වැදගත් වන කරුණක් වන්නේ වයස වැඩිවීමත් සමඟ ශරීරයේ සෛල අලුත්වැඩියා කිරීමේ සහ නව සෛල නිපදවීමේ කාර්යක්ෂමතාව වෙනස් වීමයි.

විශේෂයෙන්ම වයස අවුරුදු 35 පමණ ඉක්මවීමෙන් පසු ශරීරයේ මාංශ පේශි ඇතුළු පටක නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට 'ඇනබොලික් ප්‍රතිරෝධය' (Anabolic Resistance) ඇතිවීමට පටන් ගත හැකිය. එමඟින් සෛල හා පටක නැවත ගොඩනැගීමේ වේගය අඩු විය හැකිය.

එකම ආහාර ප්‍රමාණයක් ලබාගත්තද ආහාර දිරවීමේ ක්‍රියාවලිය වෙනස් වීමත්, පෙර මෙන්ම පැය ගණනක් නිදාගත්තද අවදි වන විට ප්‍රබෝධමත් බවක් නොදැනීමත් වයසත් සමඟ ඇතිවන ශාරීරික වෙනස්කම්වලට සම්බන්ධ විය හැකිය.

කෙසේ වෙතත්, මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් තිබේ. සෑම පුද්ගලයකුම වයසට යන නමුත් එම ක්‍රියාවලියේ වේගය සෑම දෙනාටම එක හා සමාන නොවේ.

ඇතැම් පුද්ගලයන් වයස අවුරුදු 60ක් වූ පසුවත් අවුරුදු 40ක තරුණයකුට සමාන ශාරීරික ජවයක් සහ ක්‍රියාශීලී බවක් පවත්වාගෙන යති. එහෙත් තවත් සමහරුන්ට වයස අවුරුදු 30 හෝ 40 වන විටත් වයස්ගත පුද්ගලයන්ට සමාන මාංශ පේශි දුර්වලතා සහ ශරීරය යථා තත්ත්වයට පත්වීමේ ප්‍රමාදයන් ඇතිවිය හැකිය.

ඒ අනුව පුද්ගලයකුගේ සැබෑ ශාරීරික වයස තීරණය වන්නේ උපන් වයසෙන් පමණක් නොව, ශරීරයේ සෛල, මාංශ පේශි සහ ශක්තිය නිපදවන පද්ධති කෙතරම් හොඳින් ක්‍රියාත්මක වන්නේද යන්න මත ද රඳා පවතී.

(සටහන - මෙහි සඳහන් වයස් සීමා සහ සෛලීය වෙනස්කම් සාමාන්‍ය විද්‍යාත්මක අදහස් ලෙස සැලකිය යුතුය. දිගටම පවතින තෙහෙට්ටුව වයසට යාම නිසාම ඇතිවන බව නිගමනය නොකළ යුතු අතර, එවැනි තත්ත්වයක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්ය)

අශන්ති වරුණසූරිය MSN ඇසුරින් 

වික්ටෝරියා වාන් දොරටු  06ක් විවෘත වෙයි Read Previous

වික්ටෝරියා වාන් දොරටු 06ක් විවෘත වෙයි

වයසට ගියත් තරුණ ජවයෙන් ජීවත් වන අයගේ රහස Read Next

වයසට ගියත් තරුණ ජවයෙන් ජීවත් වන අයගේ රහස

Realted Post

Leave a comment