වසර අවුරුදු 78කට පසු උතුරු කොරියානු ජාතික ධජයේ හැඩය වෙනස් කෙරේ

බැලූ බැල්මට මේ කොඩි දෙකම එක වගේ පෙනුණත්, ඒවායේ හැඩය දිහා ටිකක් ඕනෑකමින් බැලුවොත් ලොකු වෙනසක් ඔබට පෙනේවි. 

1948 සැප්තැම්බර් මාසයේදී මේ කොඩිය මුලින්ම හඳුන්වා දුන්නාට පස්සේ පළමු වතාවට, උතුරු කොරියාව තමන්ගේ ව්‍යවස්ථාව නිහඬවම වෙනස් කරමින් ජාතික කොඩියේ දිග පළල වෙනස් කරන්න පියවර අරගෙන තියෙනවා.

 සංශෝධිත ව්‍යවස්ථාවේ 166 වැනි වගන්තියට අනුව, කලින් 1:2 ක දිගටි අනුපාතයකින් තිබුණු කොඩිය දැන් 1:1.65 ක අනුපාතයකට කෙටි කරලා තියෙන නිසා, කොඩියේ තියෙන සුදු පැහැති වෘත්තය සහ රතු තරුව කොඩියේ හරි මැදට වඩාත් සමීප වෙලයි තියෙන්නේ.

කොඩියේ වර්ණ සහ සංකේත ඒ විදිහටම තිබුණත්, මේ හැඩය වෙනස් කිරීම හරහා මීට වසර 78කට කලින් කිම් ඉල් සුංගේ පාලන සමයේදී සෝවියට් ආභාෂය ඇතිව නිර්මාණය කළ මුල් සැලැස්මෙන් ඉවත් වීමක් පෙන්නුම් කරනවා.

 වත්මන් නායක කිම් ජොන් උන් විසින් උතුරු කොරියාවේ නිල රාජ්‍ය අනන්‍යතාවය අලුතින් හැඩගැස්වීම සඳහා ගෙන යන පුළුල් වැඩපිළිවෙළේ කොටසක් විදිහට, එරට රාජ්‍ය මාධ්‍ය දැනටමත් මේ අලුත් කෙටි කොඩිය භාවිතා කරන්න පටන් අරගෙනයි තියෙන්නේ.

සටහන - කසුනි විජේසිංහ 

Jenniferට ලස්සන කොණ්ඩෙ Read Previous

Jenniferට ලස්සන කොණ්ඩෙ

පලතුරු කන්න හොඳම වේලාව උදෑසනද? Read Next

පලතුරු කන්න හොඳම වේලාව උදෑසනද?

Realted Post

Leave a comment