සිරිකත සංවත්සරය වෙනුවෙන් සම්පත් දායකයින්ගේ අදහස්

සිරිකත සංවත්සරය වෙනුවෙන් සම්පත් දායකයින්ගේ අදහස්

ප්‍රවීණ අත්කම්  නිර්මාණ උපදේශිකා 
චූලනී  ජයසිංහ

හතළිස්පස් වසරක් දුවට මවට  හා  මිත්තණියට  ලබැදි  පවුලේ මිතුරියක් වු  "සිරිකත" පුවත්පත තව තවත් තාරුණයෙන් ඔපවත් වී නව පෙනුමකින්  අලුත්වන  සිරිකත පුවත්පතට මාගේ සුභාශිංසන එක්කරමි.


උපදේශක සූපවේදී
සුජිත්  ආරියරත්න

වසර  හතළිස්පහක සිට  හරි දේ හරිම  විදිහට පහදා දෙන  ,  පාඨකයින්ට උසස්ම දේ ගෙන දෙන   ,  නිවසට සිරිකත කැන්දන  ,මවිරාජමානි ලෙස වැජඹෙන  සිරිකත  පුවත්පතට  මාගෙන්  උපන්දින සුභපැතුම්.


විලාසිතා නිර්මාණ ශිල්පී
ශනිත් ප්‍රනාන්දු
           
වසර  45   කාලයක් සිට  පාඨකයන්ට  වැදගත් හා  නවමු අදහස් තුළින්  මහත්  මෙහෙවරක්  ඉටුකරන  ,  දවසින් දවස අලුත්වන  සිරිකත කවදත් කාන්තාවන් හා අත්වැල් බැදගත් පුවත්පතක්.  සිරිකත පුවත්පත  තබන්නට සැරසෙන මේ නවමු කඩඉම වෙනුවෙන් මගේ හෘදයාංගම සුභාශිංසන එක්කරමි.


රංගන ශිල්පිනි
මිචෙල් දිල්හාරා

දශක හතරක අභිමානවත් ගමන් මගක් ඔස්සෙ පැමිණි සිරිකත පුවත්පත  45 වෙනි  සංවත්සරය සමරන මේ  මොහොතේ  වෙනස්  මුහුණුවරකින් ඔබ අතට  පැමිණෙන්න සුදානම්ව සිටින  මොහොතක මාගේ හදපිරි සුබපැතුම් සිරිකත පුවත්පතට එක්කරමි.

ප්‍රවීන රංගන ශිල්පිනි
ශ්‍රියානි අමරසේන
 
දශක ගණනාවක සිට  නිවසට සිරිකත කැන්දාන  සිරිකත පුවත්පත  නියත වශයෙන්ම   ශ්‍රියා කාන්තාවකි.  45 වසරක අභිමානවත් සංවත්සරය  සමරන  සිරිකත පුවත්පත  දිගු කල් වැජඹේවා.


 
සටහන - ඉෂංකා ජයසූරිය

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය දික් කරන්නේ නැහැ Read Previous

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය දික් කරන්නේ නැහැ

අඟහරු මත තනි වන ඇලිසා Read Next

අඟහරු මත තනි වන ඇලිසා

Realted Post

Leave a comment