ෆෝන් එක තියලා නිකන් කරපු ඇක්ට් එකක් මෙච්චර දුර එයි කියලා හිතුවෙ නෑ

Social Media එකේ Feed එක පහළට Scroll කරගෙන යද්දි එකපාරටම අපේ ඇස නතර වෙන, අපිට නොසෑහෙන්න හිනා යන වීඩියෝස් මේ දවස්වල ඕන තරම් හම්බෙනවනේ. හැබැයි ඒ අතරින් එක එක ප්‍රසිද්ධ චරිත ඒ විදියටම අනුකරණය කරලා අපේ Phone Screen එක හිනාවෙන් පුරවන විශේෂ කෙනෙක් ඉන්නවා.

එක වෙලාවකට එක්කෙනෙක්, තව වෙලාවකට තව කෙනෙක්... අනිත් අයගේ කටහඬ විතරක් නෙවෙයි, ඉරියව් පවා අතිශය තාත්වික විදියට Copy කරලා අපිව හිනස්සන මේ වෙනස්ම කොන්ටෙන්ට් ක්‍රියේටර් ගැන අද නොදන්න කෙනෙක් නැති තරම්.

අන්න ඒ විදියට තමන්ගේ අමුතුම talent එකෙන් මුළු Social Media එකම සසල කරපු, හැමෝගෙම ආදරය දිනාගත් චතූ එහෙම නැත්නම් චතුරිකා ජයන්ගනී රත්නායකත් එක්ක තමයි අද අපි කතා කරන්න හදන්නේ.

ඉතින් මේ හැමෝම හිනස්සන වීඩියෝස් පිටිපස්සේ තියෙන ඇත්තම කතාව මොකක්ද? එක එක චරිත ඇතුළට බැහැලා ඒ විදියටම රඟපාන්න එයාට ලැබුණු ඒ අපූරු දක්ෂතාවය ආවේ කොහෙන්ද?

අද අපි චතූගේ ඒ නිර්මාණශීලී ගමන ගැනත්, මේ තරම් Trending වෙන්න බලපෑ හේතුව ගැනත් එයාගේ කටින්ම අහලා දැනගමු. 


ඔයා සැබෑ ජීවිතයේ ඉන්න කෙනා නෙවෙයි ටික්ටොක් එකේ ඉන්නේ. එක එක චරිත රඟපාන්න පටන් ගත්තේ ඇයි? ඒකට මුලින්ම අදහස ආවේ කොහොමද? 

ඔව් ඇත්තටම වීඩියෝ වලින් දකින චරිතයට වඩා මම නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න චරිතරයක් content කරන්නනම් ඒක අහම්බයෙන් සිද්ද උන දෙයක්. හිතලා මං දැන් වීඩියෝ එකක් දාන්න ඕන කියලා දැම්මේ නෑ. එකපාරටම ෆෝන් එක තියාගත්තා පොඩි ඇක්ට් එකක් කරා. අන්තිමට හස්බන්ඩ් කිව්වා ෆේස්බුක් දාලා බලන්න කියලා ඊටපස්සේ තමයි මම ෆේස්බුක් මුලින්ම වීඩියෝ එක දැම්මේ.


ඔයා කරපු චරිත අතරින් ඔයාටම වඩාත්ම සමීප, එහෙමත් නැත්නම් ඔයා කරන්න ආසම චරිතය මොකක්ද? 

මගේ ජීවිතේට සමීප කියලා එක චරිතයක් කියන්න අමාරුයි. හැබැයි ලෝයර් කෙනෙක්ගේ චරිතයක් කරා ඒකට කැමති ඒ වගේම මේ ලගදි කතා මාලාවක්  විදියට වීඩියෝ දැම්මා ඒකටත් මම පුද්ගලිකව කැමති.

වීඩියෝ එකක් කරන්න කලින් මේ චරිතවල Voice (හඬ) සහ ඇඳුම් පැළඳුම් ලෑස්ති කරගන්නේ කොහොමද? 

හඩ පිලිබද කතා කරද්දි පුහුනුවීම් නෑ හැබැයි ඒ ගැලපෙන විදියට හඩ පාවිච්චි කරන්න මම උපරිමයෙන්ම උත්සාහ කරනවා. ඇදුම් පැලදුම් උනත් මට තියෙන සම්පත් වලින් මන්ම හදාගන්නවා. සමහර ඒවා පොඩිකාලේ සෙල්ලම් බත් උයනවා වගේ තමයි. මගේ ෆෝන් එහෙම මගේ ප්‍රේක්ශකයෝ හොදින්ම දන්නවා. 

ලංකාවේ ටික්ටොක් කරන කෙනෙක්ට හැමදාම අලුත් Ideas (අදහස්) හොයාගන්න එක ලේසි නැහැ. ඔයාට මේ චරිත ගැන අදහස් එන්නේ කොහොමද? (උදා: වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගෙන්ද?) 

මගේ හිතට එන චරිත කරනවා. ඒ වගේම මගේ මහත්තයාගෙනුත් අදහස් අහලා කරන අවස්ථා තියෙනවා. 


එකම වීඩියෝ එකක චරිත දෙක තුනක් රඟපාද්දී Outfit (ඇඳුම්) මාරු කර කර Shoot කරන එක ලේසි නෑනේ. ඒකෙ තියෙන අමාරුව සහ වෙන Funny සිදුවීම් මොනවාද? 

ඔව් ඇත්තටම ඒක අමාරුයි ටිකක් වෙලා යන දෙයක්. හැබැයි ඉතිං සතුටින් ඒ දේ කරාම එපාවීමක් නෑ. Funny සිදුවීම් කිව්වොත් සමහර වීඩියෝස් වලට මගේ පුතාගේ සෙල්ලම් බඩුත් ගන්නවා. එයා ඒවා ගත්තම අඩපු අවස්තාත් තියෙනවා.


එක චරිතයකින් තව චරිතයකට මාරු වෙද්දී Expression (මූණේ ඉරියව්) වෙනස් කරන්නේ කොහොමද? ඒකට වෙනම පුහුණුවක් වෙනවාද? අනේ නෑ ඒ වෙලාවට ඒ විදියට තමයි එහෙම පුහුනුවීම්නම් කරලා නෑ. 

වීඩියෝ එකක් දැම්මට පස්සේ ලැබෙන Comments අතරින් ඔයාගේ හිතටම වැදුණු Comment එක මොකක්ද?

සමහර වෙලාවට negative (නරක) කමෙන්ට්ස් හෝ විවේචන එනවනේ. ඒ වගේ දේවල් වලට ඔයා මුහුණ දෙන්නේ කොහොමද? හොද එක comment එකක් කියලා කියන්න අමාරුයි. හැම ආදරනීය comment එකක්ම ආදරනීය විදියට මං බාරගන්නවා. ඒ වගේම මට පුලුවන් උපරිමයෙන්ම මං රිප්ලයි කරන්න බලනවා. නරක comment මුල් කාලෙදි දකිද්දි හිත රිදුනා ඒත් මගේ මහත්තයා මගේ ලග ඉන්න නිසා මට ඒ දේවල් ගානක් උනේ නෑ වගේම මට ආදරේ කරන ප්‍රේක්ශකයෝම මගේ හිත හැදුවා. දැන්නම් මට ඒ comments ගානක්ම නෑ.


පාරේ තොටේ යද්දී මිනිස්සු ඔයාව අඳුරගෙන ඇවිත් කතා කරපු අමතක නොවන සිදුවීමක් තියෙනවාද? 

ඔව් එක සිදුවීමක් මතකයි එක්කෙන්ක් මගේ ලගට ඇවිත් කතා කරලා එයාගේ නංගි ප්‍රෙග්නෆ් එයාට ඇදුමක් ගන්න යද්දි මාව මතක් උනා කිව්වා. බැල්ලින්නම් මං වීඩියෝ එකක කියපු දෙයක් මතක් වෙලා මං ඒකේ කියනවලු කලු ගව්ම් අදින්න එපා පාට ගව්ම් තමයි හද  කියලා ඒක මතක්වෙලා නංගිට රෝස පාට ඇදුමක් ගත්තා කිව්වා. ඉතිං මේ වගේ හරිම ආදරනීය නිහතමානි ප්‍රේක්ශකයෝ පිරිසක් මා වටා ඉන්න එක මට පුදුම සතුටක් . එයාලට මම ගොඩාක් ආදරෙයි .

සැබෑ ජීවිතයේ ඉන්න චතූ සහ ටික්ටොක් එකේ ඉන්න චරිත අතර තියෙන ලොකුම වෙනස මොකක්ද? 

ලොකුම වෙනස් මං ටිකක් silent චරිතයක් ඒක තමයි හැබැයි මං විනෝදෙන් ඉන්න කැමති කෙනෙක්. 

ටික්ටොක් එකෙන් එහාට ගිහින් ටෙලි නාට්‍ය හෝ සිනමාව වගේ ක්ෂේත්‍රයකට එකතු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද? 

ඒක මගේ ලොකු හීනයක්. මට මගේ දක්ශතාවය පෙන්වන්න පුලුවන් චරිතයක් ලැබුනොත් අනිවාර්‍යෙන්ම බාරගන්නවා. හැබැයි ඉතිං තාම ආරාධනා නෑ.


ඔයා වගේ ටික්ටොක් එකේ Content Creation කරන්න ආසාවෙන් ඉන්න වෙනත් ගැහැණු ළමයින්ට දෙන්න තියෙන උපදෙස මොකක්ද? 

එකම උපදෙස consistency එක. දිගටම පවත්වාගෙන යන්න ඕන සහ තමන්ට ගැලපෙන්නේ මොකක්ද කියන දේ තේරුම් ගෙන content පටන් ගන්න ඕන. සමහරවිට ඔයා ඉබේම කිසිම plan එකක් නැතිව පටන් ගන්න දේ වයිරල් වෙන්න පුලුවන්.

සටහන - කසුනි නිමල්කා විජේසිංහ 
ලංකාදීප online Mind Talks With Kawi වැඩසටහන ඇසුරින් 

දරුවෙකු ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවෙයි? නවතම පර්යේෂණ වාර්තාවක් Read Previous

දරුවෙකු ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවෙයි? නවතම පර්යේෂණ වාර්තාවක්

ශලනි තාරකා චිත්‍රපට නිර්මාණකරණයට Read Next

ශලනි තාරකා චිත්‍රපට නිර්මාණකරණයට

Realted Post

Leave a comment