බ්‍රෑන්ඩ් එකක් වෙන එකත් ලේසි නෑ

සමාජයේ පිළිගත් යම් පුද්ගලයෙක්, ආයතනයක් අගයන එක හැමෝටම කරන්න බැහැ. එවන් විශාල වගකීමකට අත තියමින් ක්ෂේත්‍ර ගණනාවක දක්ෂයන් ඇගයීම උදෙසා මෙවරත් Iconic Awards සංවිධානය වෙනවා. ලංකාදීප Online සමඟ මෙවර කතාබහක නිරතවන්නේ Iconic Awards හි අධ්‍යක්ෂක අසංක අතපත්තු.

මේ දවස්වල මොකද වෙන්නේ ?

අපි මේ දවස්වල හයවැනි සම්මාන උළෙලට සූදානම් වෙනවා. අගෝස්තු 20 තමා Iconic Awards සම්මාන උළෙල පැවැත්වෙන්නේ.

Iconic Awards වල තියන විශේෂත්වය කුමක්ද?

මේක ලංකාවේ සම්මාන උළෙලවල් පැවැත්වීම සඳහාම ලියාපදිංචි කරපු ආයතනයක්. ලංකාවේ දැන් විවිධ නම්වලින් සම්මාන උළෙලවල් පැවැත්වෙනවා. සමහර සම්මාන උළෙලවල් පැවැත්වෙන්නේ බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරන්න. නමුත් Iconic Awards තමා සම්මාන උළෙලවල් පැවැත්වීම සඳහා ලියාපදිංචි කරල තියන එකම ආයතනය. ඒ වගේම SLS, ISO 9001 තත්ත්ව සහතිකය පවා අරන් තියනවා. 

මේ පාර විශේෂත්වය මොකක්ද?

ගොඩක් වෙලාවට සම්මාන උළෙලවල්වල තෝරාගත් කීපදෙනෙකුට තමා සම්මාන ලබා දෙන්නේ. නමුත් Iconic Awards ඉන් එපිටට ගොස් මේ වෙනකොට කාණ්ඩ 28ක් යටතේ හැම ක්ෂේත්‍රයක් ම ආවරණය වෙන විදිහට මේක හදලා තියනවා.

කුමන ප්‍රමිතියකට ද මේ Awards දෙන්නේ ?

අපි අවුරුද්දකට Awards Ceremonies ප්‍රධාන වශයෙන් 4ක් කරනවා. මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තාදිනය නිමිත්තෙන් වනිතාභිමානි සම්මාන උළෙල, අගෝස්තු Iconic Awards සම්මාන උළෙල, අප්‍රේල් මාසයේ Iconic Awards in Bacock, වර්ෂ අවසානයේ Peoples Excellency පවත්වනවා. විශාල පැනල් එකක මාර්ගයෙන් තමා තෝරාගනේ. ඒක ක්‍රම දෙකකට අපි සිදුකරනවා.

Iconic Awards වලටත් මඩපහර එල්ලවෙයි ද?

ඒක වෙන්නේ නුසුදුසු පුද්ගලයින්ට මුදල් මත සම්මාන ලබාදීම නිසා. ඉතින් සුදුසුම කෙනා තෝරාගත්ත නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Iconic Awards අපි නිවැරදි පුද්ගලයා තෝරා ගන්නවා.

අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ ?

Iconic Awards කියන්නේ ඇගයීමක් ලැබිය යුතුම ආයතනයක්. Awards Ceremonies ඕනි තරම් තියන්න පුළුවන්. නමුත් බ්‍රෑන්ඩ් එකක් වෙන්න බැහැ. 

උපුටා ගැනීම - ලංකාදීප Online 

සටහන - සහශ්‍රිකා දයානන්ද

බ්‍රෑන්ඩ් එකක් වෙන එකත් ලේසි නෑ Read Previous

බ්‍රෑන්ඩ් එකක් වෙන එකත් ලේසි නෑ

විලාසිතා කරන්න කැමති ඔබට Read Next

විලාසිතා කරන්න කැමති ඔබට

Realted Post

Leave a comment