සම්මානයට පාත්‍ර කිරීමට වඩා ඇගයීමක් ලබා දීම මෙහි පරමාර්ථයයි

පුද්ගලයෙක්, ආයතනයක් අගය කරන්න හැමෝටම බෑ. ඉතින් ඒ වෙනුවෙන් Diaman Excellent Awards සංවිධානය වෙනවා. ඒ භාරදූර්‍ය කාර්යෙහි කළමණාකාරිනී ඉරේෂා කෞශල්‍යා සිරිකත Online සමඟ සම්බන්ධ වුණා. 

මොකක්ද Diamond Excellence Awards කියන්නේ ?

අපේ රටේ ඉන්නවා හැම ක්ෂේත්‍රයකම කිසිම දවසක ඇගයීමකට ලක් නොවුණු අය. එවැනි අයව ඇගයීම තමා මේකෙන් සිදු කරන්නේ. සම්මානයට පාත්‍ර කිරීමට වඩා ඇගයීමක් ලබා දීම මෙහි පළමුවැනි පරමාර්ථය වෙනවා. 
ඊටපස්සේ ඒ අයට අන්තර්ජාතික වශයෙන් සහයෝගය ලබා දීම, වෘත්තීමය පැත්තෙන් ආධාර කිරීම සිදුකරනවා. මේක සම්මානයක් දීල අතහැරීමක් නෙවේ. 

Diamond Awards Ceremony එකේ ප්‍රමිතිය මොකක් ද?

අපිට ඇප්ලිකේශන් දාහකට අධික ප්‍රමාණයක් ලැබිලා තියනවා. නමුත් ඒ හැමෝටම සම්මාන ලබා දීමක් සිදුවන්නේ නැහැ. ඒ අතරිනුත් තෝරාගත් පිරිසකට තමා සම්මාන ලැබෙන්නේ. ඉතින් අපේ අරමුණ සුදුස්සාට සුදුසු තැන දීම.

මේ වගේ Awards Ceremony එකකින් කාන්තාවකට තියෙන වැදගත්කම මොකක්ද?

අතීතයේ කාන්තාව කියන කෙනා හිටියෙ ගේ ඇතුළෙමයි. ඒත් දැන් පුරුෂ පාර්ශවයට වඩා ඉදිරියෙන් ඉන්නෙ කාන්තාවන්. හැම ක්ෂේත්‍රයකම එහෙමයි. මම හිතන විදිහට ඇගයීමට ලක් කළ යුතු ප්‍රධානම චරිතය කාන්තාව. කාන්තාව ඉදිරියට යනවට සමහරු කැමති නැ. එතකොට කාන්තාව දැනගන්න ඕනි තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න.

ලබන වසරෙත් Diamond Awards පවත්වන්න බලාපොරොත්තු වෙනවද?

කරන්න බලාපොරොත්තුවක් නම් තියනවා. හැබැයි මේ විදිහට නෙවේ. වෙනස්ම විදිහට. හැම ක්ෂේත්‍රයකට ම ගැළපෙන විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් විස්තර ඉදිරියේ දී කතා කරමු.

මේ කාලේ මේ වගේ දෙයක් කරන්න හිතුවෙ ඇයි ?

ඇගයීමට ලක් වෙන්න කාලයක්, වර්ෂයක් නෑ. ඕනෑම කෙනෙක් සුදුසු නම් ඔහුට හැකියාව තියනවා සම්මානයට පාත්‍ර වෙන්න. මමත් කාන්තාවක්. මම කැමතී ඇගයීමට ලක්වෙන්න. අනික් කාන්තාවනුත් කැමති ඇගයීමට ලක්වෙන්න. 

සමාජයට මොකක්ද කියන්න තියෙන්නෙ ?

කාන්තාවක් ලෙස මවක් වුණත් දරුවෙක් වුණත්, පුරුෂයෙක් වුණත් ෂෝෂල් මීඩියා භාවිතයේ දී ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. දරුවන් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනි. මේ සමාජයේ හොඳ අයත් නෑ. නරක අයත් නෑ. නරක අයින් කරලා හොඳ විතරක් කරන්න. හොඳ දේවල් අරන් නරක දේවල් අයින් කරන්න. එතකොට මේ සමාජය ගොඩක් ලස්සන වෙයි. 

උපුටා ගැනීම - සිරිකත Online

සටහන - සහශ්‍රිකා දයානන්ද

ඔයා OVER THINKING කෙනෙක්ද? Read Previous

ඔයා OVER THINKING කෙනෙක්ද?

ගෘහණියන්ට හරියන රසම ඩෙවල් එක Read Next

ගෘහණියන්ට හරියන රසම ඩෙවල් එක

Realted Post

Leave a comment