ළමා කාලයේ සෑබෑ අයිතිය දරුවන් ට දෙන්න

සෑම වසරකම ඔක්තෝබර් 1 දා  ලංකාව තුළ ලෝක ළමා දිනය  සමරනු ලබයි. උපතේ සිට වයස අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් දරුවන් වෙනුවෙන් ළමා දිනය වෙන් කරයි. රටක අනාගතය ඉදිරියට රැගෙන යන්නේ දරුවන් ය.එම ගමනාන්තය තුළදී දරුවාගේ දායකත්වය තීරණය කරන්නේ වර්තමාන වැඩිහිටි පරපුරේ ක්‍රියාවන්, හැසීරීම්,දැනුම, අවබෝධය මතයි.

දරුවන් රැක බලා ගැනීම , අධ්‍යාපනයට යොමු කිරීම, වගකීම් ගැන අවබෝධයක් ලබා දීම.සමාජයට යොමු කිරීම, අත්දැකීම් ලබා දීම ආදී සෑම ක්‍රියාවක්ම වැඩිහිටියන් විසින් සිදු කරයි. අද වන විට දරුවන් මතින්  වැඩිහිටියන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ අරමුණු ඉටු කර ගැනීම උදෙසා මෙහෙයවයි.

එය වැඩිහිටියෙක් ලෙස ඔබ දරුවාට කරන විශාල  හානියකි. කුඩා කාලය තුළදීම අනවශ්‍ය ලෙස පීඩනයක් ලබා දීම අනෙකා පිළිබඳව ඇති සංවේදීතාවය නසා දමයි.

දරුවන් තුළ ඇති නිර්මාණශීලීත්වය, මිත්‍රත්වය,කරුණාව , සහජීවනය, සාමූහිකත්වය ආදී සංවේදී කාරණා දරුවන් තුළින් ගිලී හී යාමට දැඩි අධ්‍යාපන තරඟකාරීත්වය, තාක්ෂණික භාවිතය  හේතූ වී ඇත.

අධ්‍යාපනය ලැබීම දරුවන්ගේ අයිතියයි. නමුත් අනවශ්‍ය ආකාරයෙන් න්‍යායාත්මක දැනුම පමණක් ලබා දීමට පෙළඹවීම නිර්මාණශීලීව සිතීමේ හැකියාව ,විචාරාත්මක බව , කුතුහලය දරුවන් තුළ වර්ධනය වීම අවම කරයි.තාක්ෂණික වශයෙන්  වෙන් කීරීම ද  සිදු නොකළ හැක.නමුත් තාක්ෂණයට ඇබ්බැහි නොවී  නිසි ආකාරයෙන් තාක්ෂණය සමඟ කටයුතු කිරීමට  දරුවන්ව හුරු කළ යුතුය.

දරුවෙක් ලෙස ළමා කාලය තුළදී ලබාගත යුතු අත්දැකීම් මිතුරු මිතුරියන් සමඟ සෙල්ලම් කීරීම,ක්‍රීඩා වල යෙදීම, සැහැල්ලුවෙන් ජීවත් වීමට ඉඩ සැලසීම, යහපත් පුරුදු, හැසිරීම් ආකල්පයන් ගොඩනැගීම සඳහා කටයුතු කිරීම වැඩිහිටියන්ගේ වගකීමයි. ඒ සඳහා දෙමව්පියන් පමණක් නොව  පාසල , පවුල,සමාජය ද දරුවන්ට සුරක්ෂිත වටපිටාවක් , ආදර්ශමත් සමාජයක් නිර්මාණය කිරීමට වග බලා ගත යුතුය.

එසේම දරුවන්ට සුදුසු සුරක්ෂිත, ආදර්ශමත් වටපිටාවක් නිර්මාණය කිරීමට නම් ළමා දිනය තුළ පමණක් දරුවන්  පිළිබඳව සිතා වැඩසටහන් නිර්මාණය කීරීම. පාසල් තුළ විවිධ උත්සව සංවිධානය කිරීම, ආදී විවිධ ක්‍රියාකාරකම් වල යෙදීම  ප්‍රායෝගික නොවේ.

සෑබෑ ලෙසම දරුවන් ගැන සිතන වැඩිහිටියන් වෙසෙන ආදර්ශමත් සමාජයක් ලෙස අප ගොඩනැගීමට නම්  දරුවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම , සංවේදීව කටයුතු කිරීම, අනවශ්‍ය  අරමුණු වලට යොමු නොකිරීම, නිදහසේ කටයුතු කිරීමට ඉඩ සැලසීම, නිර්මාණශීලීත්වයට ප්‍රමුඛත්වය දීම.  ආදී වශයෙන් දරුවන් ගේ ලෝකය තුළ ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ ලබාදීම අනෙකා ගැන සිතන,වගකීම් වලින් සවිමත් යහපත් අනාගත පරපුරක් ගොඩ නැගීමට  හැකි වනු නිසැකය.

සටහන -  දුල්ෂරා මධුවන්ති

පොතපත ජීවිතයට සමීප මිතුරෙක් Read Previous

පොතපත ජීවිතයට සමීප මිතුරෙක්

‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට  යෙදී තිබේ. Read Next

‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.

Realted Post

Leave a comment