ආරක්ෂක සේවා කායවර්ධන කිරුළ හයවැනි වරටත් ගුවන් හමුදාවට

14 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැති 2026/2027 ආරක්ෂක සේවා කායවර්ධන ශූරතාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. 2026 නොවැම්බර් 23 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල පුහුණු පාසලේදී පැවැති මෙම තරගාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංවිධායකත්වයෙන් පැවැත්විණි.

තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ ගුවන් හමුදා කායවර්ධන ක්‍රීඩකයෝ රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනාගනිමින් සමස්ත ලකුණු සටහනේ ප්‍රබල ඉදිරියක් තහවුරු කර ගත්හ. ඒ අනුව, පෙර වසරේ දිනාගත් ශූරතාව සාර්ථකව ආරක්ෂා කර ගනිමින් අඛණ්ඩව දෙවැනි වරටත් ආරක්ෂක සේවා කායවර්ධන ශූරතාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් SD ජයවීර ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වූ අතර එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් AKKR අබේසිංහ, ආරක්ෂක සේවා ලේකම් කොමඩෝර් EAIP එදිරිසිංහ, ශ්‍රී ලංකා යුද හමුදා කායවර්ධන කමිටුවේ සභාපති කර්නල් DMM සුබසිංහ, ශ්‍රී ලංකා නාවික හමුදා කායවර්ධන කමිටුවේ සභාපති කොමඩෝර් අනුරාධ ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් මෙන්ම සෙසු නිළයින් පිරිසක් ද සහභාගී  විය

රන්වන් පැහැයෙන් දිදුලන සමකට ස්වභාවික සත්කාර හතක් Read Previous

රන්වන් පැහැයෙන් දිදුලන සමකට ස්වභාවික සත්කාර හතක්

ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් Read Next

ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම්

Realted Post

Leave a comment