ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත් වෙයි.

2025 වසරට නියමිත ආසියානු කුසලාන තරඟය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එසේ ම කාන්තා නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරඟාවලිය ද මෙම වසරේ ජූනි මස ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. නමුත් ඉන්දියාව මෙම තරඟ කාණ්ඩ ද්විත්වයෙන් ම තම කණ්ඩායම් ඉවත් කර ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඒ ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති වූ යුධමය ගැටුම් හේතුවෙනි. 

මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. පකිස්ථාන අමාත්‍යවරයෙකු ප්‍රධානියා වන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද තරඟාවලි සඳහා ඉන්දීය කණ්ඩායමට තරඟ නොකරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇත්තේ.


සහශ්‍රිකා දයානන්ද

ජිගලෝ Read Previous

ජිගලෝ

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment