ඒ. ජේ. විජේසිංහ කුසලාන හොකී ශූරතාව


මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය හොකී සංගමය විසින් සංවිධානය කරන ලද 06 වැනි " ඒ. ජේ. විජේසිංහ කුසලාන " ආරාධිත පාසල් අවුරුදු 20 න් පහළ බාලක හොකී තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට මහනුවර විද්‍යාර්ථ විදුහල  සමත් විය.

මෙවර තරගාවලියේ පළමු අනු ශූරතාව හිමි කර ගැනීමට මාතලේ සහිරා විදුහල සමත් වන අතර වාරයේ දී දෙවන අනු ශූරතාව බදුල්ල ධර්මදූත විදුහලට ද තෙවන අනු ශූරතාව මහනුවර සාන්ත අන්තෝනී විදුහලට ද හිමි විය. 

ඉකුත් සති අන්තයේ මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණයේ දී මාතලේ පුරපති අසෝක කොට්ටහච්චී මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹී මෙවර තරගාවලියේ සමාප්ත  උත්සවය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය හොකී සංගමයීය ගරු සභාපති එරික් හුලංගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විද්‍යාර්ථ විදුහල සහ සහිරා විදුහල අතර පැවැති අවසාන මහ තරගයේ දී ගෝල් 02 - 00 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට විද්‍යාර්ථ ක්‍රීඩකයින්හට හැකියාව ලැබිණි.

සාන්ත අන්තෝනී විදුහල ගෝල් 02 - 00 කින් පරාජය කිරීමට සමත් වූ ධර්මදූත විදුහලට දෙවන අනු ශූරතාව හිමි විය. 

මෙම තරගාවලියට සමගාමීව මාතලේ නගරයේ පාසල් නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති ආදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු පිළිගෙන ඇගයීමට ලක් කිරීමට ද පියවර ගැනීම කැපී පෙණුනි. මාතලේ ශාන්ත තෝමස් විදුහල,  මාතලේ ක්‍රිස්තුදේව විදුහල, මාතලේ විජය විදුහල, මාතලේ සහිරා විදුහල සහ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල නියෝජනය කරමින් හොකී කෙළිබිම දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ අතර වූහ.

කාංචන ප්‍රනාන්දු, රංජිත් කුඹුරේගම, ඒ. ජේ. බී. විජේකෝන්, හර්ෂ විජේකෝන්,  චරිත සේනානායක, සමන්ත බණ්ඩාර වික්‍රමසිංහ, ඉන්දික දිනේෂ් හේවාවසම්, ප්‍රදීප් ප්‍රිය ශාන්ත, රුවන් ප්‍රනාන්දු,  අනුරුද්ධ හේරත් බණ්ඩාර, පුෂ්පා විජේකෝන්, මල්ලිකා ජයවර්ධන සහ මොහොමඩ් ගසාලී එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූහ.

විදුලි බිඳ වැටීම: පරීක්‍ෂණය අරඹයි Read Previous

විදුලි බිඳ වැටීම: පරීක්‍ෂණය අරඹයි

ටෙස්ලා ලෝකයට ගෙනෙන පියාසර කරන මෝටර් රථය - තාක්ෂණයේ නව පෙරළිය Read Next

ටෙස්ලා ලෝකයට ගෙනෙන පියාසර කරන මෝටර් රථය - තාක්ෂණයේ නව පෙරළිය

Realted Post

Leave a comment