කාලිංග කුමාර කොරියාවේදී ලංකාවේ නම බබළවයි

දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවිය.

තරගය අවසන්කිරීම සඳහා ඔහු තත්. 45.55ක දක්ෂතාවක් දැක්වීය.

තත්. 45.33කින් මෙම ඉසව්ව අවසන්කළ කටාර් රාජ්‍යයේ අමර් ඊබ්‍රහිම් විසින් මෙහි රන් පදක්කම දිනාගත්තේය.

එමෙන්ම රිදී පදක්කම ජපානයේ කෙන්ටාරෝ සාටෝ දිනාගත් අතර, ඔහු තත් 45.50කින් තරගය අවසන් කළේය.

27 ආරම්භ වූ මෙම ශූරතාවලිය එළැඹෙන 31වනදා දක්වා දකුණු කොරියාවේ ගුමි හිදී පැවැත්වේ.

1973 වසරේදී ආරම්භ වූ මෙයට දකුණු කොරියාව සත්කාරකත්වය දක්වන තෙවන අවස්ථාව මෙයයි.

 

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Previous

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment