ජනාධිපති කුසලාන රග්බි තරගය

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර  කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී අද (18)  පැවැති ජනාධිපති කුසලාන අන්තර් පාසල් නොක්-අවුට් රගර් තරගාවලියේ අවසන් මහා  තරගය නැරඹීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී විය. 


ඉතිහාසයේ වැඩිම වතාවක් ජනාධිපති රග්බි  ශූරතාව දිනා ඇති ඉසිපතන විද්‍යාලය පසුගිය සතියේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 24-17ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර වාර්තාගත 29 වැනි වතාවටත් අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලය මෙවරද ලකුණු 12- 9ක් ලෙස සිය ජයග්‍රණය උරුම කර ගත්තේය.  

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අමල් එදිරිසූරිය, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති අරලිය ජයසුන්දර, ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති දර්ශන උඩවත්ත, ඩයලොග් ආසියාටා සමාගමේ කණ්ඩායම් විධායක සුපුන් වීරසිංහ, සන්නාම සහ මාධ්‍ය  පිලිබඳ කණ්ඩායම්  කළමනාකරු හර්ෂ සමරනායක යන මහත්වරුන්, පාසල් රග්බි සංගමයේ සභාපති,ලේකම් සහ නිළධාරීන් ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගී වූහ.

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Previous

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment