යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 224 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය 2024 අගෝස්තු මස 31 සිට සැප්තැම්බර් මස 03 දක්වා පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වන ලදී.

අන්තර් රෙජිමේන්තු අත්පන්දු අවසන් තරඟාවලිය  සැප්තැම්බර් 3 වන දින පැවති අතර, එම අවස්ථාව  සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් ක්‍රීඩා කමිටු සභාපති මේජර් ජෙනරල් මිහිදු පෙරේරා සහභාගී විය.

කාන්තා අංශයේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා යුධ හමුදා පොදුසේවා බලකාය ලකුණු 25 ක් ලබාගෙන ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකාය කණ්ඩායම ලකුණු 16 ක් ලබාගනිමින් අනුශූරතාවය හිමිකර ගත්හ.

පිරිමි අංශයේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා යුධ හමුදා සිංහ රෙජිමේන්තුව ක්‍රීඩකයින් ලකුණු 40 ක් ලබාගනිමින් ශූරතාවය දිනාගත් අතර, ශ්‍රී ලංකා යුධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව කණ්ඩායම ලකුණු 35 ක් ලබාගනිමින් තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත්තේය.

මේජර් ජෙනරල් මිහිදු පෙරේරා විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. මෙම තරඟාවලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.

තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

හොඳම ක්‍රීඩකයා (පිරිමි)-
 කෝප්‍රල් එම්එම්එන්එස් අධිකාරි

හොඳම ක්‍රීඩිකාව (කාන්තා)-  සාමාන්‍ය සෙබල එස්ඒඑස්එම් පෙරේරා.

දක්ෂතම ප්‍රහාරකයා (පිරිමි)- සාමාන්‍ය සෙබල එස්ඩබ්ලිවඑම් දීපාල්.

හොඳම ප්‍රහාරිකාව (කාන්තා)- සාමාන්‍ය සෙබල එල්ඩිඑම්ඩි පෙරේරා.

දක්ෂතම පන්දු රකින්නා (පිරිමි)- කෝප්‍රල් එස්පිඑස්එම් අමරසිංහ.

දක්‍ෂතම පන්දු රකින්නිය (කාන්තා)- ලාන්ස් කෝප්‍රල් ඊඑම්එන්එස් බන්ඩාර.

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ  වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක් Read Previous

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක්

හිටපු ජනපති මහින්ද මහනුවරට Read Next

හිටපු ජනපති මහින්ද මහනුවරට

Realted Post

Leave a comment